(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
රාජ්‍ය ආයතන 17ක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කෝප්කමිටු වාර්තාව පිළිබඳව දිනක විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.
2017 වසරේ මාස දෙකක කෝප් කමිටු වාර්තාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සභාවට අද(24) ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් සභානායකවරයා එසේ පැවසීය.
COMMENTS
විවාද පමණයි. වැරැදි කළ අයට දඬුවම් නැත.
ඔව් ඔව් ඕන " ගොනෙකුට " විවාද කරන්න පුළුවන්... නමුත් කිසි තීරණයක් නැහැ. ඒ විවාදෙට මේවගේ ඕන " ගොනෙකුට " තර්ක විතර්ක දාලා එදා දවසත් අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින්ම තුන් වේල ගිලලා සැප පහසුව ගෙන පිටත් වෙන්න පුළුවන්නේ...
කිව්වේ ගොන්නු යුද්ද කරනා බව නොවේද? මේ දැන් කියන්නෙත් හරකුන් ගැන නොවේද? දන්නෝ දනිති අම්බරුවා මා නොවේද?
විවාද නම් ඕනේ තරම් මේ රටේ, පාර්ලිමේන්තුවේ. නමුත් රට සුඛිත මුඛිත වුනේ කවදාද? එන්න එන්නෙම හැම අතින්ම පිරිහෙනවා. ඊයේ තිබුණාට වැඩිය වල පල්ලට යනවා අද... අදට වඩා හෙට. ප්‍රශ්න ටික එහෙමමයි. විසඳන්න කිසිම වුවමනාවක් නැහැ. හිඟන්නාගේ පාත්තරේ වගේ ප්‍රශ්න තියන් ඉන්නවා. ඡන්ද කාලයට තුරුම්පු හැටියට. හැමෝම, හැම පක්ෂයම එකයි. ඒ මදිවට යන්න පුළුවන් හැම රටකටම බුරුතු පිටින් යනවා. හරියට අම්ම අප්පගෙන් නිකන් හම්බ වුණා වගේ. පරම්පරා ගානකට ණය වෙලා එන්නේ... එන්නේ මහජන සේවයට කියලා. නමුත් කරන්නේ තමන්ට, තම පවුලේ උදවියට, තම ඥාතීන්ට සහ තම චක්ගෝලයන්ට සේවයක් විතරමයි. අපි කොච්චර හඬාවැටිලා කිව්වත් වැඩක් නැහැ. පාට කණ්නාඩි ඡන්ද දායකයෝ ඉන්නකම් මේ රට හදන්නත් බැහැ. ඒ මදිවට හරි හමන් විකල්පයකුත් නැහැ. රට ගැන හිතින් දුක් වේවි අපි මැරිලා යනවා ඉක්මනටම. ඉන්න යකාට වැඩිය හොඳයි කියලා හිතනවා එන යකා... එන යකාත් එහෙමමයි. පස්සේ අපිට වැරදුණාම අපි දුක්වෙලා ආයෙමත් එ්කම කරනවා...