
(නිමන්ති රණසිංහ)
රජයෙන් ලබාදෙන පොහොර භාවිතයෙන් අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය .
මෙම වන්දි ලබාදීම සඳහා වන සැලසුම් සඳහා ඉදිරි සතියේදී චක්‍රලේඛයක් ඉදිරිපත් කිරීමට නියමිතව බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව රජයෙන් ලබාදෙන සියලු පොහොර සඳහා වන වගකීම රජයෙන් භාරගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද 28 පැවැති පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇවිත් තියෙන්නේ අලුත් සිංහල උපමා මැවෙන කාලයක්. ‘කටින් බතල හිටවන්නා වගේ’ යන උපමාව වෙනස්කොට ‘කටින් කාබනික පොහොර හැදුවා වාගේ’ යන උපමාව ගැලපෙන ලෝකයේ අංක එකට ඉන්නේ ලංකාව. හැබැයි මේ පොහොර කොහොමද චීන්නු හැදුවා නම් හදන්නේ කියන එක ප්‍රසිද්ධ රහසක්... දැනටත් වෙළඳපලේ එළවළු ඉතා අඩුයි. දැන් ඉතින් එළවළු වෙනුවට බෙදන සල්ලි තමා කන්න වෙන්නේ... සංචාරක කර්මාන්තයටත් මෙය බලපාන්නේ හෝටල්වල රසැති කෑම සෑදීමට එළවළු විවිධත්වය අත්‍යාවශ්‍ය නිසයි. මෙවැනි නූගත් සැලසුම් රහිතව වැඩකරන දේශපාලකයින්ට කඩේ ගිය අවස්ථාවාදී ඡන්ද දායකයන්ටත් මෙය දඩුවමක් වෙන ගමන් හැමෝටම මෙය විඳින්න වෙනවා....