IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘රාජපක්ෂ රජය පසුගිය මාස 8 දී අවනීතීය රජයන රටක් බිහි කිරීමට කටයුතු කළා ‘

(නිමල කොඩිතුවක්කු)

එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ රාජපක්ෂ රජය අවනීතිය රජයන රටක් බිහිකිරීමට පසුගිය මාස 8 තුළ කැප වූ බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28) පැවසීය.

රාජපක්ෂ රජයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 69 න් ඡන්ද ලක්ෂ විසි නවයක් මේ වන විට අඩුවී ඇතැයිද රාජකරුණා මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.

 රටේ වගකිවයුතු පුරවැසියන් විදියට සියලු දෙනාටම ඡන්දය පාවිච්චි කරන ලෙසටත්  ඔබේ ඡන්දයට වටිනාකමක් දිය හැකි පුද්ගලයකුට බාවිතා කරන ලෙසටත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය විදියට අපි ජනතාවගෙන් ඉල්ලනවා.

 
 
කොරෝනා බිය තියෙනවා  නම් ඒ බිය තුරන් වන විදියට කටයුතු කරලා ජනතාවට ඡන්දය දිය හැකි පසුබිම සකස් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
 

කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය විනාශ කරලා දැන් දවස් ගානක් ගත වෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාව ජනපතිගෙන් ඒ ගැන ප්‍රශ්න කරහම ජනාධිපතිවරයා එක විහිලුවකට ගන්නවා. අගමැතිත් මේක විහිලුවට ගත්තා. දැන් කමිටු දාලා මේ සිද්ධිය යටපත් කරන්න හදනවා. සාමාන්‍ය මනුස්සයෝ මේ වගේ වරදක් කළොත් කමිටු දාලා යටපත් කරනවද කියලා අපි රජයෙන් අහනවා.
 
පොහොට්ටුවේ පුත්තලම දිස්ත්‍රික් නායක සනත් නිශාන්ත මහතා පොලිස් නිලධාරීන් ඉදිරියේ ම හෙල්මට් නැතිව බයිසිකල්වල යමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනවා. තොණ්ඩමන් මහතාගේ මරණය ඉදන් මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක වුණා.

එක රටක් එක නීතියක් කියලා මේ රජය බලයට පත්වුණාට අද රටේ එක නීතියක් නැහැ. මේ අයට ඕන විදිහට නීති වෙනස් කරනවා. එක රටක් එක නීතියක් සංකල්පය අද  ඒ  අයම විනාශ කරලා තියෙනවා. මේ රජයේ වැඩපිළිවෙල නිසා ජනාධිපතිවරණයේ දී ලැබුණු  ඡන්ද ලක්ෂ 69 න් ඡන්ද ලක්ෂ 29ක් මේ වන විට අඩුවෙලා.

මෙයට අවුරුදු පහකට කලිනුත් මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නීතිය ක්‍රියාත්මක වුණේ රාජපක්ෂලාට ඕන විදිහටයි. හරි බලයක් නැතුව දැනට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම නම් බහුතරයක් ගත්තොත් මේ අය නීතිය කොහොම ක්‍රියාත්මක කරාවිද කියලා ජනතාව අවබෝධ කරගත යුතුයි.

මේ අය බලයට පත් වුනොත් යළිත් අවනීතිය රජ කරන රජයක් බිහි වේවි. සුදු වෑන් සංස්කෘතියක් ඇතිවේවි. රාජපක්ෂ හිතවාදීන්ට එක නීතියකුත් විපක්ෂය අැතුලු සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වේවි.
 

රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ආරක්ෂා කරගනිමින් රට වේගවත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් කරා ගෙන යාමට සජිත් ප්‍රේමදාස මහතාගේ

නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය බලයට පත් කරන ලෙසට මේ රටේ සමස්ත සමස්ථ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා යයිද ඔහු එහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පාදුක්ක සහ ජෝර්ජ් පෙරේරා යන මහත්වරුන් ද එක්ව සිටියහ.


 
 



අදහස් (0)

‘රාජපක්ෂ රජය පසුගිය මාස 8 දී අවනීතීය රජයන රටක් බිහි කිරීමට කටයුතු කළා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site