IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රංජන්ට වෙනම කාමරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ  හිටපු රාජ්‍ය අමාත්‍ය   රංජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව   මීගමුව  පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ,  නිරෝධායන  මධ්‍යස්ථානය තුළ  වෙනම කාමරයක රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

පිටතින් ආහාර ලබා ගැනීමට අවසර නොමැති බවත් බන්ධනාගාරයෙන් සැපයෙන ආහාර පමණක් ඔහුට ලබාදෙන බවත් ඒ වගේම අමුත්තන්ට බැලීමට අවසර නොමැති බවත්  මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

දින 14 ක කාලයක්  එම මධ්‍යස්ථානයේ රඳවා තබා   අනතුරුව  පී. සී. ආර්. පරීක්ෂණයට  ලක්කිරීමෙන් අනතුරුව  ලැබෙන ප්‍රතිඵල අනුව  ඔහු බන්ධනාගාරයක් වෙත යොමුකිරීමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (16)

රංජන්ට වෙනම කාමරයක්

මාතර සත්‍යපාල Wednesday, 13 January 2021 08:46 AM

ඇත්තටම රන්ජන්ට මෙහෙම වුණේ හොඳ යාලුවෙක් නොසිටි නිසා. එකම එක හිත හොඳ යාලුවෙක් හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.

:       12       109

නුවන් Wednesday, 13 January 2021 10:21 AM

යමෙක් යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙනවා නම් සමීපතමයින්ට තිබුණේ මානසික වෛද්‍යවරයෙක් වෙත රැගෙන යාම සහ උපදෙස් ලබා ගැනීමයි. තව තවත් උසිගැන්වීම නොවෙයි කළ යුතුව තිබුණේ. එවන් ව්‍යාධියකින් පෙලෙන අය නිතරම උත්සාහ කරන්නේ තම ආතතිය සමනය කර ගැනීමේ ක්‍රියකාරකම් කිරීමටයි.

:       46       87

BamunuarachchiThursday, 14 January 2021 04:34 AM

යහළුවෙක් සිටියා නම් මෙයාගේ පව් කරගහනවද? ඒ පැත්තේ හිටියා නම් රනිල් කියයි කියන්න කියලා ටෙස් කරන්න ගිහිල්ලයි කියවුනේ කියලා.

:       2       3

Athula Wednesday, 13 January 2021 08:50 AM

කළ යුතුව තිබෙන්නේ අධිකරණයේ ගෞරවය අාරක්ෂා කරන්න නම් එය පිරිසිදු කරන එකයි. කවදානම් නොකෙරෙන එකක්.. හේතුව පාලකයින් අන්ත දූෂිත නම් අධිකරණය පිරිසිදු වෙයිද ..? රන්ජන් ඔබ ජනතාවගේ හදවත් තුළ නිවැරදියි. මීළඟ ජනාධිපති ඔබම විය හැකියි.. මා කිසිම කලෙක UNP හෝ සජිත්ගේ ගමන් මග පිළිකුල් කළත් රන්ජන් ඔබ හිටගත්තේ එදා සිට දුකට පත් ජනතාවගේ පැත්තේ... ඔබව පරාජය කරන්න මොන ජගතෙකුටවත් බැහැ. ඔබ ඔබගේ ගමන් මග නොසැලී යායුතුයි...

:       99       241

pradeepa Wednesday, 13 January 2021 10:24 AM

රංජන් ඔබ මේ රටේ මහජනයාට වංචා හෝ කුඩු විකුණා හෝ මුදල් නාස්තිකර නොමැත. ඔබට හිතේ සතුටින් ජීවත් විය හැකි මුත් නිදහස නැත. නමුත් රටේ පාලකයන් ජනයාට බොහෝ වැරදි සිදුකර ඇත. ඒවා කවදා හෝ පඩිසන් දෙනවා.

:       73       72

මො Wednesday, 13 January 2021 11:05 AM

මේ නඩු තීන්දුව මුලු මහත් ජනතාවටම, පාඩමක්. නීතිය සහ අධිකරණයට හිස නමා ඒ ගෞරවය දිය යුතුයි. කටට ආ පලියට වචන, පිටකර බුද්ධි හීන ජන කොටස් සතුටු කරවන්න. මේක සියල්ලන්ටම හොඳ පාඩමක්...

:       54       75

PradeepWednesday, 13 January 2021 12:34 PM

ඔව් ඔව්.. අධිකරණයට අපහාස කරනවා කියන්නේ මිනීමැරුමකට වඩා බරපතල අපරාධයක්.. ඒකනේ පිල්ලෙයාන් නිදහස්වෙලා රංජන් ඇතුළට ගියේ..

:       62       53

BamunuarachchiThursday, 14 January 2021 04:44 AM

කව්ද කියන්නේ පිල්ලෙයාන් මිනී මැරුවයි කියලා. කෝ සාක්ෂි? කව්ද දැක්කේ පිල්ලෙයාන් කටින් කීවද මම මැරුවා කියලා? රන්ජන් ගොයියා කීපුවට කරපුවට එයාම සාක්ෂියි. තව මොනවද කතා... අපි බලන්නේ 4, 40 කරගන්න පුලුවන්ද කියලා. සිංහල උපමාවක් තිබෙනවා කන්දක් විලිලා මීයෙක් වැදුවා කියලා. ඒවගේ මේ ගොයියත් හොරු අල්ලනවා කියලා එයා හැරෙන්න දේශපාලනයේ ඉන්නේ ඔක්කොම හොරු කියලා කෑ මොර දීලා අන්තිමට මිනිහා ඇතුළට ගියා...

:       5       5

මුණසිංහWednesday, 13 January 2021 01:41 PM

සම්පූර්ණ ඇත්ත. රටකට අවශ්‍ය බුද්ධිමත් දේශපාලකයන්... වාචාල දොඩවන අය නොවෙයි. මෙයා හිතන් ඉන්නේ ජීවිතයම චිත්‍රපටයක් කියලා-වන්ශොට් කියලා. කොහේ හරි වංචනිකයන් ඉන්නවා නම් තැන තැන කියව කියවා යන්නේ නැතිව ගන්න ක්‍රියාමාර්ග තියෙනවා... මෙයා කතා කරන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් 3 වැනි පන්තියට. වැඩකට නෙවෙයි. දුරකතන ඇමතුම් වලට අනුව ඕනෑ කෙනෙකුට තේරෙනවා මෙයා කරන්නේ මොනවද කියලා...

:       41       104

Kamal Wednesday, 13 January 2021 03:07 PM

සීයට 95ක් දූෂිතයි කියපු එක වැරදියි මම හිතන්නේ... ගාන ඊට වැඩි ඇති...

:       6       46

පිටිගල මිලානෝ Wednesday, 13 January 2021 04:11 PM

හිරගේ දඬුවම් සියුමැලි වැඩිනම්... අලුගෝසුවනේ එල්ලාපන්...!

:       5       1

Gihan Wednesday, 13 January 2021 04:35 PM

වෙනම කාමරයක් ලැබුණේ හොඳ වෙලාවට ...

:       2       2

Nethra Wednesday, 13 January 2021 04:45 PM

හොඳ දේට හොඳයි කියන්න තරම් යහපත් ගතිගුණ රන්ජන්ටනේ. රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ.... මේ වගේ අය ඉන්නකල්... ඊළඟ නඩුත් අහලා දිගටම හිරේ තියලා දිරාපත් වෙන්න අරින්න ඕනෑ. අපේ රටේ, ජාතියේ නාමයෙන්...

:       3       2

Senarath Thursday, 14 January 2021 03:25 AM

මෙයා හිරේ යන්න නියමිතව තිබුණේ මීට වසර 20කට කළින්. ඒකත් රුපියල් ලක්ෂ 20ක් ගෙවලා දක්ෂ නීතිවේදියෝ යොදලා බේරගත්තා. ඒත් මේ සැරේ කෙටුවේ මහා විශාල කෙහෙල් ගහකට...

:       1       6

Bamunuarachchi Thursday, 14 January 2021 04:37 AM

අන්න එ්ක හොඳ නැහැ ජනාධිපතිතුමනි, වෙන කාමර බැහැ. අතට මාංචු වැටුණායින් පස්සේ කව්රුත් එක සමානයි. කවුරු මැරුණාමත් මිනිය කියනවා වගේ දැන් කවුරුත් හිරකාරයින්...

:       7       3

SL Sunday, 17 January 2021 05:39 AM

ගලබොඩ හාමුදුරුවන්ට ජම්පර් අන්දන්න නම් මාර ගොඩක් දත කාලා ඇමැතිවරු කියලා කියාගන්න අයත් රොත්තක් ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 877 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site