(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(04) උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
මන්ත‍්‍රීවරයා මියයනවිට 57 වන වියේ පසුවිය.
එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද මියයන විට ඔහු ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඔහු සිදුකළේය.
හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා පසුගිය 28දා අලූයම ප‍්‍රතිකර සඳහා ගුවන් මගින් සිංගපූරුවේ රෝහලකට ගෙන යනු ලැබීය.
වැවිලිකරුවෙකුවූ රංජිත් සොයිසා මහතා ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියාකාරිකයෙක් විය. 1997දී අටකලන්පන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 2002 දී එම ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකයාද විය. 2004 පැවති සබරගමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් එහි මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
පසුව සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළ රංජිත් සොයිසා මහතා 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.
රංජිත් සොයිසා මන්ත්‍රීවරයා දෙදරු පියෙකි.
COMMENTS
මන්ත්රීවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා නම් බිල ගෙවන්නේ රජයෙන්ද?
නිවන්සැප ලැබේවා ! මේ නිසා තමයි රටට , මිනිසුන්ට යහපතක්ම නිතර කලයුතු, මරනයට කාලයක් වෙලාවක් නොමැත. එතුමා අවංක සිතින් රැස්කරගත් දේ එතුමා ගෙනයාවි. ජීවත්ව සිටින අයමේටික තේරුම් නොගැනීමයි අරුමය.
කළ මෙහෙවර අගය කරමි. ඔබට නිවන් සුව !
එතුමාට නිවන් සැප ලැබේවා! එහෙත් අපට ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. මේ අයවලුන් ඔක්කොටම සිංගප්පුරු රෝහල් සරණ මොකද? ලංකා ජාතික රෝහල් අකැපයි? මේ අයගේ ලෙඩට අපේ මහා රෝහල් වල බෙහෙත් නැතිද? නැතිනම් අපේ දොස්තරලා සුදුසුකම් ලබල නැතිද? අපේ බදු මුදල්?
ඇයි ලංකාවෙ ඉස්පිරිතාලෙ හොඳ මදිද...
තියන අය මවුන්ට් රෝයල් යති - නැත්තෝ රජයේ (බෙහෙත් නැති -වර්ජන පමණක් ඇති රෝහල් වල මියයති ) කවුරු ආවත් මේ සිරි ලංකාව ඔහොම තමයි දුක් වෙන්න එපා මල්ල්ලියේ
නිවන් සුව ! ! !
මගේ සාතිශය සංවේගය !
සිංගප්පුරුවේ රෝහල් ගාස්තු සහ දේහය ලංකාවට ගෙන ඒමේ වියදම් අනුග්‍රහය මහජන මුදල් ද ??? මන්ත්‍රීට සිංගප්පුරු වෙදකම්. ලංකාවේ ඡන්දදායකයන්ට රෝහලේත් බෙහෙත් නැත. හරිම සතුටුයි.
ඔබට නිවන් සුව !
මේකට ඊර්ෂ්‍යා කීරීමෙන් ඵලක් නැත. එකිනෙකාගේ පුලුවන්කාරකම්, වරපරසාද, වාසනාව වෙනස්. ඒ අනුව තමයි සියල්ල සිදු වෙන්නේ. මේ ලෝකෙ හැම තැනම එහෙමයි. ඒ නිසා නිකන් දඟලන්නෙ නැතිව නොපමාව පිං කර ගන්න.
මොහු කළ වැඩ ගැන නම් මම දන්නේ නෑ. තමන් කළ දේ තමන් ගෙනියනවා. දේශපාලන ඇහෙන් බලන්න නැතුව බැලුවොත් පේනවා අද අපේ රෝහල් සේවය ගොඩක් ඉදිරියට ඇවිල්ල තියෙනවා කියලා. බොහොමයක් මිල අධික බෙහෙත් වල මිල අඩු වෙලා. නව ගොඩනැගිලි සහ පහසුකම්. මේ වගේ වැඩ කෙරෙනකොට තමයි වෛද්‍ය සංගමයේ අය මිනිස්සු මරන්න හදන්නේ.
දැන් සිංගප්පුරු රෝහලේ බිල බදු ගෙවන අපිම ගෙවලා දාන්නම්.
ඔබත් මේ ලෝකයෙන් ගියදාට ඔබ ගැන කියන්න හොද දේවල් කරන්න.
පළමුව මම ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ! අද මැරුණු මනුස්සයෙකුටත් අපහාස කරන්න තරම් මේ සමාජය පිරිහුණේ කෙසේද කියා මම නොදනිමි. නිවන් සුව ප්‍රාර්ථනා කරාම අන්ලයික් කරන්න තරම් මිනිස්සු තිරිසන් වෙලා. හරිම කණගාටුයි.
මගේ අදහසට අකමැත්ත ප්‍රකාශ කරපු පහල බාලංශේ ළමයින්ට ගොඩක් පින්.
ඔබට නිවන්සුව මැතිතුමනි.!