(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය සැකකරු නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබු අතර සැකකරු බන්ධනාගාර බාරයේ තබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




====================================================================
(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) පස්වරු 2.15 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගනු ලැබිය.
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය සම්බන්ධයෙන් ඉකුත් 24 වැනිදා වරෙන්තු ලැබ සිටි සේනාරත්න මහතා ඊයේ (26) රාත්‍රී 7.35 ට ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මීට ගොඩක් කලින් ඇතුළේ ඉන්න ඕනෑ අය. කරලා තියෙන දේවල්වල හැටියට. පරක්කු වෙලා හෝ නීතිය ක්‍රියාත්මක වෙනඑක ගැන සතුටුයි.
කීකරු කථානායකතුමාගෙන් අවසර ගත්ත ද?
එක්සත් ජාතික පක්ෂයට මෙවැන්නන් අනවශ්‍ය බව තේරුම් ගියේ නැතිද තවමත්? නැවුම් සිතිවිලි සහිත, රටට ආදරය කරන, අව්‍යාජ චරිත පක්ෂයට වුවමනා බව නොතේරෙන්නේ ඇයි?
කරන කලට පව් මිහිරිය මීසේ... දැන් ඉතින් විඳවන්න.
මේ මන්ත්‍රීවරයා, ඇමැතිවෙලා ඉන්න කාලේදී ධීවර කර්මාන්තයෙන් ගසාකාපුහැටි, සෞඛ්‍ය ඇමැතිවෙලා අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලින් තමන්ගේ මඩිය තරකරගත්ත හැටි රටට හෙළිකරලා අවශ්‍ය දඬුවම් නීතියෙන් ලබාදිය යුතුමයි.
සයිටම් රාජිත හොඳම වැඩේ. හැබැයි මේ අරන් තියෙන හේතුව බැලුවාම ආණ්ඩුවේ වගේම විපක්ෂයේ අයත් මැතිවරණ කාලයේ කියපු බොරුවලට අරගන්න පුළුවන්නේ...
ඊළඟට කවුද ඉන්නේ පෝලිමේ...?
හොරුන් දඩයම අරඹා ඇත.
දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන කෙනෙක් අත්අඩංගුවට ගැනීම අමානුෂික ක්‍රියාවක්.. නීතියෙන් අවසර තිබුණත්. ශල්‍යකර්මය අවසන් වෙලා වෛද්‍යවරු අනුමැතිය දුන්නට පස්සේ අත්අඩංගුවට ගත්තා නම් ප්‍රශ්නයක් නෑ. අපි මෙතෙනදී නීතියට වඩා සාරධර්ම සළකන්න ඕනෑ.
නන්දලාල් දැන් සනීපද?
රෝගීව රෝහල් ගතවී සිටින ඕනෑම දරුණු "අපරාධ කාරයෙක්" වුවද මෙවැනි අමානුෂික විධියට අත් අඩංගුවට ගැනීම කිසිම ශීලාචාර රටක සිදු නොවේ..! මෙය ඉතාමත් සැලසුම් සහගතව එතුමාගේ චරිත ඝාතනය සහ දේශපාලනයෙන් ඉවත්කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වග හොඳින් පැහැදිලි වෙනවා. ඒකාධිපති පාලනයක් සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය කුණු බක්කියට දැමීමේ පහසු උත්සාහයක් බව "ළදරු" ගෝඨාභය රජය යලිත් වරක් සනාථ කර තිබෙනවා. 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මෙයටද? රටට අබ සරණයි!!!
බොහොම හොඳයි.
එළකිරි සහ ජලය... සන්තෝසයි...
පාට් ටයිම්...!!!
උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලන් හිටියේ, මෙන්න බොලේ ඊට වඩා සතුටට කාරණයක්!
නව රජයකින් කලයුතු බොහෝ දේවල් තවම ඒමට ඇත.
හොරා පොලිස් සෙල්ලමට අපි රැවටිලා... අපිට මොකද වුනේ කියලා තේරෙනකොට ප්‍රමාද වැඩිවේවි...
අවසානයේ හොරු අල්ලන්න බලේ අරන් ආව පිරිසව හොරුන්ගේ ග්‍රහණයට අහුවුණා. හොඳම වැඩේ හොරුන් එක්ක ඩීල් දදා හිටියට. දැන් විඳවන්නලා කට්ටිය...
නන්දලාල් කියන ඒවා ගණන් ගන්න එපෝ..
එකමත් එක කාලෙක.. දඩයක්කාරයෝ දඩයම පසු පස ලුහුබැන්දා.. එ්ත් අද දඩයම දඩයක්කාරයින් පසුපස ලුහුබඳිනවා.
අයියෝ බේරුවල හිටපු කිඹුලාට වෙච්චි වැඩේ. රටට කරපු දේවල්වලට විඳවන්න ඕනේ ඔහොම නෙමෙයි මහත්තයෝ. තාම විඳවන්න පටන් ගත්තා විතරයි.
පහත් මට්ටමේ දේශපාලන හැසිරීමට උපරිම දඬුවම් ලබාදීම සුදුසුයි. ඒ වගේම කඩු පෙන්නා ජනතා මනස විකෘති කළ අය ගැනද සලකා බැලීම සාධාරණයි. ඒ වගේ දේශපාලන රැළිවලට ලබාගත් ලංගම බස් රථවලට ගෙවිය යුතු ණය මුදල්ද රජයට අයකර ගත යුතුය. මැතිවරණ සඳහා දේශපාලන පක්ෂ කරන වියදම්ද සොයා බැලිය යුතුව ඇත. එක්සත් ජා. පක්ෂයද ඩීල් දාස කෙනෙක් සොයා ගත්තේ නම් මේ කව්රුත් සමාන විය හැකියි.
මොහුට තිබුනේ ඔය වගේ දෙයක් දැනගත්තම එය අදාල නීතිඅංශ වලට දැනුම් දෙන්න. ප්‍රකාශය කරපු එක අයෙක් රත්තරන් සල්ලි කියපු ගමන් මොහු එය ඩොලර් කියලා කියපු එකෙන් ඕනේ කෙනෙකුට තේරෙනවා මෙය මොහුගේ අධ්‍යක්ෂණයක් බව... අනෙත් එක ඕනේදේකට බෙරිහන් දෙන විමල් කිව්වා දින කීපයකට කලින් මෙහෙම දෙයක් වෙන බව... අනිත් දේ මේ පාතාලයට සම්බන්ධ මිනිස්සු වුණු එකෙන්ම පේනවනේ රාජිතගේ වැඩ...
සමහර දොස්තරලගේ වැරැදි ඇති. නමුත් ජී.එම්.ඕ.ඒ. එක කියන බොහෝදේවල් සාධාරණ බව පේනවා. සාක්කි ඇතිව ඉදිරිපත් කරන දේවල් කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ..?
රාජිතට බාහිර හා අභ්‍යන්තර ආරක්ෂාව ලැබී ඇත.
දැන් ලොකු අයියා ඇතුළු පවුලේ සැමට සතුටුයිනේ.. මැටි වහල්ලු ඉන්න රටකට මේක සුළු දෙයක් දේශපාලන පළිගැනීම හැම පක්ෂයක්ම නැවැත්විය යුතුයි. හැබැයි හොරකම් කරන එකට නම් දඬුවම් දෙන්න ඕනේ..
එම ක්‍රියාව වරදක් නම් එය නීති පොතේ වරදක් මිස ගෝඨාභය ජනාධිපතිතුමාගේ වරදක් නොවන බව තේරුම්ගන්න වත්මොලයක් නැද්ද ඔයාට?
මේ වාර්තාවේ තිබෙන හැම පින්තූරයේම ඉන්න පොලිස් භට සේනාව දැක්කම බයත් හිතෙනවා. එක රෝගියෙක් අල්ලා රිමාන්ඩ් කිරීම සඳහා මෙතරම් භටයන් අවශ්‍යද කියා මගේ ආච්චි අහනවා. උන්දැටත් හැම මගුලක්ම දැනගන්න ඕනෑ. "අපේ රට යන අත" කියන එක විස්තර කිරීමට තවත් පින්තූර හෝ අටුවා, ටීකා අනවශ්‍යයි...
හම්බවුණු ඡන්ද සංඛ්‍යාවට වඩා ඩිස්ලයික් ගාන වැඩියි.
නන්දලාල්ට මොකක්ද වෙලා තියෙන්නේ?
හරි රිමාන්ඩ් තමයි කොහෙද ඉන්නේ? තවම රෝහලේ නේද?
අත්අඩංගුවට ගත්තා නම් ඉන්න ඕනේ රිමාන්ඩ් එකේ. නමුත් තාම ඉන්නේ ලංකා හොස්පිටල් එකේ සැපපහසු ඇඳේ. කාවද මේ රවට්ටන්න හදන්නේ? ජනතාවද?
මෑතකාලයේ සෞඛ්‍ය සේවයෙන් සාමාන්‍ය මහජනයාට වැඩිම සේවයක් වූයේ මෙතුමා ඇමතිධුරය දරන කාලයේයි. රටේ සෞඛ්‍ය සේවයට සිදුවූ සේවය පිළිබඳව සලකා මොහුව නිදහස් කළ යුතුයි. අද මොහුට මඩ ගසන ප්‍රධාන කණ්ඩායම නම් GMOA එක... ඊට හේතුව නම් රාජිත සේනාරත්න GMOA එකේ පදයට නටන්නේ නැතිවීමයි. අලුතින් පත්වී ඇති ඇමතිවරිය නම් මෙතුමා ළඟින්වත් තැබිය හැකි කෙනෙක් නොවේ.
ඔන්න බලන්න 3 වෙනි නාට්‍ය මහා මැතිවරණයට කිට්ටුකරා රිෂාඩ් බදුර් දීන් ව ඇතුලට දානවා .
මේකත් චතුර පුතාගේ ප්ලෑන් එකක් වෙන්න ඕනේ.. එයා පට්ට උගතා..
දැනෙන සතුටක්, මේ වගේ දේශද්‍රෝහීන් රටින් එලවලාම දාන්නා ඕනේ...
නීතිවිරෝධී වැඩකරලා අහුවෙලා... උසාවියෙන් වරෙන්තුවක් ආපු ගමන් රටේ නැති හොර ලෙඩ අරගෙන ඉස්පිරිතාල අස්සේ රිංගන එක නවත්තන්නත් ජනාධිපතිතුමා කටයුතු කළොත් හොඳයි..
මම දන්නා තරමින් ලංකා හොස්පිටල් එකේ තියෙන හැම ප්‍රතිකාරයක්ම කොළඹ ජාතික රෝහලේ තියනවා. එ් නිසා මෙයාව ජාතික රෝහලට යැවිය යුතුයි.
හොරකම් කිරීම හොරුන්ගේ ගතියකි. ඒ අය හිරේ ගිහින් ඇවිත් කරන්නෙත් හොරකම්මයි. එහෙත් ඒ බව දැනදැනම එවන් තක්කඩියන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ මෝඩ ගතියකි.
ගරු රාජිත මැතිතුමා වගේ සිංහයෙක් හිරේ යන්න බය නැහැ.