(මනෝප්‍රිය ගුණසේකර)
මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ඔක්තෝම්බර් 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (7) සිතාසි නිකුත් කළේය.

මීට වසර 6 කට ඉහතදී මෝදර ධීවර වරාය සමාගමකට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට අමතරව ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමණාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන් ද චෝදනා ලැබ සිටිති.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් චෝදනා 05ක් යටතේ ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා විත්තිකරුවන් මෙලෙස අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කර ඇත.
2014 වසරේ අගොස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යු.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹ වූ බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා නඟා ඇත.
එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දුෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 17 දෙනෙකු ද නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ද අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙන ලදී.
2025 දෙසැම්බර් මස 04
361
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
432
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජිත ඇතුළු තුනකට සිතාසි
විජේ Monday, 07 September 2020 11:40 AM
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම තිරිසන් වැඩක් තමයි..
විජේ Monday, 07 September 2020 03:22 PM
තිරිසන් වැඩ කරන්නේ රාජිතයි. එහෙම නැතුව අත්අඩංගුවට ගත්තට නොවේ. එයා කොහොමත් ඉන්න ඕනේ ඇතුලේ තමයි
bandara Tuesday, 08 September 2020 02:04 AM
විජය ඔය එක්කමට බෙහෙත් ටිකක් ගන්න. රාජිත වගේ අය ඉන්න ඕනේ ඇතුලේ...
විජේ Wednesday, 09 September 2020 10:23 AM
මම අදහස් කළෙත් ඒකම තමයි, සමහර වෙලාවට අපේ අදහස් සංස්කරණය වෙනවනේ පත්තරේ මහත්තුරු අතින්... විශේෂයෙන් රාජිතගේ, රවීගේ ඒවට දාන කමෙන්ට්...