IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රාජිත අද ජනාධිපති කොමිසමට

(තිළිණි ද සිල්වා)
 
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) දහවල් රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනා‍‍ධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
 
මා‍ලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ජනා‍ධිපති කොමිසම වෙත පැමි‍ණිල්ලක් සිදුකර තිබුණි.
 
ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැඳවීම කර ඇත.
 
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට අද දහවල් 1.30 ට කොමිශන් සභාව හමුවේ පෙනී  සිටින ලෙසට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.
 
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
 
විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා හා බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනීමේදී සිදුව ඇති වංචා හා දූෂණ සම්බන්ධව ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔහු කොමිසමට කැඳවා ඇති බව වාර්තා වෙයි.
 
මීට අමතරව කොළොන්නාව තෙල් ගබඩාවේ තාර විකිණීමේදී රුපියල් මිලියන 358  ක වංචාවක් සම්බන්ධයෙන් කොළොන්නාව තෙල් ගබඩාවේ නිලධාරීන් පිරිසකට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
 
මේ අතර ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා ද අද ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.



අදහස් (4)

රාජිත අද ජනාධිපති කොමිසමට

Praba Thursday, 19 September 2019 06:17 AM

මෙයා මිස්ටර් ක්ලීන්ගේ දකුණු අත මේ දවස්වල...

:       0       49

RaveendraThursday, 19 September 2019 08:41 AM

එහෙම තමා කියන්න ඒ වුණාට සූත්තර පුංචා රට ඇම්ඩන් නිසා මේ අරාජිතයගේ අසූචි නාගත්තා පංචස්කන්ධය දකිනකොට මිනිහත් මගඅරිනවා දැන්... අරාජිතයා සිංගප්පූරු යයි අගේ පිරිසිදු වෙලා එන්න කොමිසමට..

:       0       0

sudda Thursday, 19 September 2019 06:49 AM

එතකොට අර FCID එකේ නැව් කේස්වලට 11 පාරක් එන්න කියලත් නොගිය එකට මොකද කරන්නේ? කවුරු හරි ඒකත් කෝප් එකට බාර දෙනවද?

:       0       0

sharm warn Thursday, 19 September 2019 06:58 AM

මොකද්ද මේ කොමිසමෙන් අවසානයේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? අලියා ගිල්ල දිවුලක් විතරද මේ කොමිසම? ඉන්න තරම් දේශපාලකයෝ ගෙන්වනවා. මාධ්‍ය වලටත් වෙන ප්‍රවෘත්ති නැහැ අරයා කොමිසම හමුවට.. මෙයා කොමිසම හමුවට.. කිය කියා අපේ කාලේ කන එකයි, මුදල් කන එකයි විතරද මේකෙනුත් වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site