(නිමන්ති රණසිංහ)
වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රී කොළඹ නාරාහේන්පිට පෞද්ගලක රෝහලක් වෙත ඇතුළත් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වරෙන්තුව ද රැගෙන ගොස් ඒ මහතාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
අද (26) මධ්‍යම රාත්‍රීය වන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෛද්‍යවරයාගෙන් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂඥ වෛද්‍යවරක් යනු මහජන මුදල් අධික ලෙස වියදම් කර ඉගෙනීම ලැබූ පුරවැසියෙකි. එබැවින් ඔහු හෝ ඇය තමන්ගේ අවංක සේවය වඩාත්ම කල යුත්තේ අහිංසක මහජනතාව වෙනුවෙනි. මෙම වෛද්‍යවරයා එසේ කලේද යන්න හොදින්ම පැහැදිලිය. තොරතුරු දැනගැනීමේ අටමගලේ යටතේ මෙම වෛද්‍යවරයාගේ නම් ගම් මහජනතාවට දැනගනුමට සලස් වන්නේ නම් කෘතඥ වන්නෙමු.
මේක පුද්ගලික පලි ගැනීමක් කියන එක බොහොම පැහැදිලියි.
අන්තිමට වෛද්‍යවරයා වැරදිකාරයා වෙයිද මන්දා ?
දොස්තර කියන්න ඇති මට ඌ ගැහැව්වා ඌ මට ගැහැව්වා කියලා. වෙන මොනවා කියන්නද.
මෙවැනි කිහිප දෙනෙක් නිසා එජාපයේ තිබු මහත්මා දේශපාලනය විනාශ වී, බලවත්ව තිබු එම පක්ෂය අද සුලුජාතිකයන් හා එන්ජීඔ පසුපස යන පරාජික තත්වයකට පත්වීම ඉතා කණගාටුදායකය.
රාජිත නිසා පැත්තක සිටින දොස්තර මහත්තුරුත් කරදර විදිනවා. රාජිතට උපරිම දඩුවම් දිය යුතුමයි.
හොදට හිටී මිනිහා එක සැරේටම ලෙඩ කලාට දොස්තරටත් විත්ති කූඩුවට නගින්න වෙයිද?
බඩේ අමාරුවක්
රාජිත වැරදි වෙන්න පුළුවන්. එහෙත් මේ නාටකය දිගහැරෙන විදියට බොහෝ විට පෙනෙන්නේ මේ රටත් පකිස්ථානය වගේ වෙලා කියලා. එහෙම වුනොත් අපේ උගත් තරුණ පරපුර රට හැර එක නවත්වන්න මොනවා කලත් බැරිවෙයි. හන්දි ගානේ කල් මරණ නිකමුන්ට මෝඩ චූන් කාරයින්ට නම් මේ නාටක හොඳයි.
ඕකනේ කියන්නේ තනියම යන්න බැරුවම තවත් අයත් අරන් යනවා කියල. වෛද්‍යවරයා ආචාර ධර්ම අනුව ලෙඩෙක් ආවම ප්‍රතිකාර නොකර ඉන්න බැහැනේ. දැන් ඒ අයත් අමාරුවේ නේද ?
ඉස්සර එක්තරා වෛද්‍යවරියක් සහතික කලාලු 'මේ ලෙඩාගේ හිසේ මුනිස්සම් තියෙනවා, වහාම සිගප්පුරු ගෙනියන්න' කියල. ඒ අනුව සියලු රාජ්‍යානුග්‍රහ මැද්දේ ඔහු සිගප්පුරුවේ නැවතිලා බෙහෙත් අරන් නඩුව ශේප් වෙන මට්ටමට ආවට පස්සේ ලංකාවට ආව.
දෙකක් ඇන්නත් ප්‍රශ්නයක් නැහැ. අපි මුකුත් කියෙන්නේ නැහැ.
තමාගෙන් ප්‍රතිකාර ගැනීමට එන තැනැත්තා රෝගියෙක් නම් ඔහුට හෝ ඇයට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයාගේ පරම යුතුකමයි. හැබැයි ඔහු හෝ ඇය රෝගී වූයේ කෙසේද යන්න පළමුව පරීක්ෂා කර අවබෝධ කරගෙනයි එය කළ යුත්තේ. අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළ කෙනෙකු රෝහලකට හෝ කවර තැනක සිට පොලිසියට හමුවුණොත් ස්ථාන භාර පුද්ගලයාගෙන්ද ප්‍රකාශ ගැනීම අනිවාර්යයි.
අසත්‍ය චෝදනා ගොනුකර දේශපාලන පළිගැනීමකට රජය මගින් ලක්කර සිටින රාජිත මැතිතුමාගේ අසනීප තත්ත්වයට රජය මුළුමනින්ම වගකිවයුතු වෙනවා. හෙට අනිද්දා වනවිට, එතුමාගේ ගෘහ සේවක සේවිකාවන්ගෙනුත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය හඹා යනු නොඅනුමානයි !! සකල සිරින් පිරි සිරි ලංකාවේ කප්පරක් හොරුන්, වංචාකාරයන්, දූෂිතයන් අල්ලනවා වෙනුවට රෝහල් අස්සේ රිංගන්නට රහස් පොලිසියට වෙලා තිබෙනවා ... "අනේ කාලේ, වනේ වාසේ" කියමින් මගේ සීයා හූම් ලනවා.
මේ ගොල්ලෝ තමයි හොර මෙඩිකල් දෙන්නේ...