IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජිතට ඇපදීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

( +++ මනෝප්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප පිට මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ඊයේ (08) ප්‍රතිශෝධන අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කළේය.

ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට නොගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවතදමා රාජිත සේනාරත්න මහතා රිමාන්ඞ් බාරයට පත් කරන්නැයි නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටී.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොරු රැවුල්වලින් සැරැසූ පුද්ගලයින් දෙදෙනකු කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප දීම හේතුවෙන් විමර්ශන කටයුතු විධිමත් ලෙස කරගෙන යෑමට නොහැකි වූ බව ද නීතිපතිවරයා අයැදුම්පත්‍රයේ සඳහන් කර ඇත.

සිද්ධියට අදාළව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකළත් ඔහු දින කීපයක් සැඟවී සිටි බවත් අනතුරුව පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවත් එම රෝහලේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම නිසා සිද්ධියට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් හෝ ලබාගැනීමට නොහැකි වූ බවත් මේ සම්බන්ධ සියලු කරුණු අධිකරණයට දැනුම් දුන් බවත් නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

අපරාධ සිද්ධියක ප්‍රධාන විමර්ශකයා වන්නේ මහේස්ත්‍රාත්වරයා බවත් අපරාධය හෙළිකරගැනීම සඳහා ඔහු විමර්ශන නිලධාරීන් මෙහෙයවිය යුතු බවත් මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එලෙස කටයුතු කර නොමැති බවත් නීතිපතිවරයා සඳහන් කර ඇත.

සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රකාශයක් හෝ නොගෙන තිබූ අවස්ථාවක ඔහු ඇපමත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් විමර්ශනවලට බලවත් අගතියක් සිදුවී ඇති බවත් පෙන්වා දෙන නීතිපතිවරයා මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට ඔහු යළි රිමාන්ඞ් බාරයට පත්කිරීමට නියම කරන්නැයි මෙම ප්‍රතිශෝධන අයැදුම්පත මගින් ඉල්ලීමක් කර ඇත.



අදහස් (7)

රාජිතට ඇපදීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

Mahee Thursday, 09 January 2020 07:11 AM

දැන් මේක පිළුණු වුන මාතුකාවක් නේද? ඇයි මේ ආයෙත්? කවුරුහරි බය කරන්න කියලයි මට හිතෙන්නේ. කාවද? ඒක හිතාගන්න එක එච්චර ගැටළුවක් නෙමෙයි, නැද්ද? මං හිතන්නේ අධිකරණය එක පැත්තකට ස්වාධීන කරවන්න හිතාගෙන වෙන්න ඇති.

:       0       107

nimali Thursday, 09 January 2020 07:51 AM

මම දන්නේ නැති නිසයි අහන්නේ. ඉස්පිරිතාලවල වටිනා අත් ඔරලෝසු බැදගෙන, වටිනා ඇදුම් ඇදගෙන ඉන්න දෙනවද ? කවුරු හරි දන්නා කෙනෙක් මට කියා දෙනවද ?

:       22       3

Hafeel Thursday, 09 January 2020 09:37 AM

ලෙඩකට නම් දෙන්න නැහැ. ඉතින් මෙයා ලෙඩෙක් නොවේ. රග පෑමක්.

:       0       1

ලසන්ත Thursday, 09 January 2020 08:16 AM

ඔන්න ඉතිං ආයෙත් මේ හොඳට ඉන්න මනුෂයාව අයි.සී.යූ එකට දාන්න හදනවා. අර විශේෂඥ දොස්තර දැනටමත් වාර්තාව ලියලා ඇති.

:       0       75

MaheeThursday, 09 January 2020 08:48 AM

ලසන්ත, ඒක නම් ලස්සන කමෙන්ට් එකක්. මං හරි කැමතියි අන්න ඒවගේ නර්මාලාපවලට.

:       0       67

Silly Point Thursday, 09 January 2020 08:37 AM

එතකොට අවුරුදු තුනකට හිරේට නියම වුනු කෙනාට ඇප ලැබුනේ කොහොමද ඇතුලට යන්නත් කලින්?

:       0       120

Rasika Thursday, 09 January 2020 10:04 AM

රන්ජන්ගෙන් නීති උපදේශන ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site