
(ජයන්ත සමරකෝන්)
කෝවිඩ්-19 වයිරසය හේතුවෙන් නතරකර තිබූ රාජාංගන කලාපයේ මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද(28) සිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, රාජාංගන කලාපයේ නිවාස 2700ක් සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 7000-10,000 අතර සංඛ්‍යාවක් ගෙන්ගෙට බෙදීම සිදුවන බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට අද පැවැසීය. අගෝස්තු 2 වැනිදා දක්වා එම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නියමිතය.
මේ සඳහා ජාතික මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමි වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS