IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාජකාරී හැඳුනුම්පතෙන් මත් කුඩු ජාවාරමේ යෙදුණ නගරසභා සේවකයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
රාජකාරී හැඳුනුම්පත උපයෝගී කරගෙන හොරෙයින්  මත්කුඩු ජාවාරමේ යෙදුණු දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කම්කරු  සේවකයෙකු   රුපියල් හතළිස් දහසක්  වටිනා මත්කුඩු සමඟ බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රදේශයේදී අද (10 ) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම  පොලිසිය කියයි .
  
සැකකරු සන්තකයේ තිබී හොරෙයින්  මත් කුඩු මිලිග්‍රෑම් දෙදෙහස් හයසිය විස්සක් පොලිස් භාරයට ගෙන ඇත. 
 
දෙහිවල සිට ත්‍රිරෝද රථයකින් පුද්ගලයෙකු බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයට මත් කුඩු ප්‍රවාහනය කරන බවට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගල්කිස්ස බඩෝවිට සිට බණ්ඩාරගම  ප්‍රදේශයට මත් කුඩු ප්‍රවාහනය කර ජාවාරම සිදු කරන බවට සිදුකළ  විමර්ශන වලදී අනාවරණ වූ බව පොලිසිය කියයි .

සැකකරු මත්කුඩු පානයට සඳහා දැඩිව ඇබ්බැහි වූවකු බව ද ඒ සඳහා මුදල් සොයා ගැනීමට සිදු කරනු ලබන්නේ මත් කුඩු පැකට් කර විකුණන  බව ද වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය .
 



අදහස් (0)

රාජකාරී හැඳුනුම්පතෙන් මත් කුඩු ජාවාරමේ යෙදුණ නගරසභා සේවකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 32 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 122 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site