හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා අද (08) මහජනයාට ප්‍රදර්ශනය කළහ.
සුදුපැහැ සළුවක් පොරවා තිබූ බිළිඳා පෙන්වමින් මේඝන් මෙසේ පැවසුවාය. ‘‘ඔහුට ප්‍රිය උපදවන චිත්තස්වභාවයක් හිමිවී තිබෙනවා. ඔහු සත්‍යවශයෙන්ම තැන්පත්, ඔහු අපේ සිහිනයයි."

එවිට දෙදෙනාම සිනාසුන අතර පුතුට ඒවා ලැබුණේ කාගෙන්දැයි නොදන්නා බවත් හැරී කුමරු පවසා ඇත.නුදුරු දිනයකදී රැජිණට පෙන්වීම සඳහා බිළිඳා රැගෙන යෑමට නියමිතව ඇති බවද රාජකීය යුවල සඳහන් කර ඇත.
තමාට ලෝකයේ හොඳම පුද්ගලයින් දෙදෙනා මුණගැසී ඇති බැවින් ඉතාම සතුටින් ජීවිතය ගෙවී යන බව මේඝන් කුමරිය පැවසීය. මවක වීම ඉතා විස්මිත දෙයක් යැයි ඇය තවදුරටත් පැවසීය.
පසුගිය සඳුදා උපත ලැබූ බිළිඳා බ්‍රිතාන්‍ය කිරුළ හිමි හත්වැන්නා වේ.
(බීබීසී ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ හිටියානම් යාලුවෝ සේරම එයාට " ආච්චී " කියල තමයි කියනවා ඇත්තේ.
උණුසුම් සුබපැතුම් !!!