
(ඩබ්. ඒ. පියතිලක)
රෝගී තත්වයක් හේතුවන් සති කිහිපයක සිට මින්නේරිය වැවේ මිය යන මසුන් රැස්කරන ධීවරයෝ කරවල නිෂ්පාදනයට සහ පරිභෝජනයට ජනතාවට අලෙවි කරමින් සිටිති.
සති කිපයක සිට වැවේ සිටින විශාල සහ කුඩා මසුන් මියයෑමට පටන් ගෙන ඇති බවත්, කිසිදු සතෙකු විසින් ආහාරයට නොගන්නා එම මසුන් වැව් ඉස්මත්තට ගසාගෙන එන බවත්, ප්‍රදේශයේ ජනතාව කියති.
හිඟුරක්ගොඩ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධක්ෂක කාර්යාලයේ වෛද්‍ය ටී.එන්.කේ. විජේකොන් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.
“මින්නේරිය වැවේ මාළු මිය යන බව තොරතුරක් අපිට ලැබුණා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒ ප්‍රදේශයට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් යොමු කරලා තිබෙන්නේ. මියයන මසුන් පරිභෝජනයට නොගන්නා ලෙස ජනතාව දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම මසුන් මිය යන්නේ කුමන හේතුවක් නිසාද කියලා රසායනික පරීක්ෂණයක් ද සිදුකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින්නේ. එතෙක් දැල් දමා අල්ලන මසුන් අලෙවි නොකරන්නැයි කියලා අපි ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා” වෛද්‍යවරිය කීවාය.
මින්නේරිය වැවේ ධීවරයින් පවසා සිටින්නේ වැවේ මැරී පාවෙන මසුන් ආහාරයට නොගන්නා බවය. එසේ වුවද, ඔවුන් මසුන් කපා කරවල බවට පත්කරමින් සිටින ආකාරය දැකගත හැකි විය.

2025 දෙසැම්බර් මස 18
497
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝගී වී මියයන වැව් මාළු කරවලවලට වේලති
janaka Wednesday, 16 September 2020 10:54 AM
මින්නේරිය සංචාරයේදී අපත් මේ බව දුටුවා.
Nuwan Wednesday, 16 September 2020 11:00 AM
සුන්දර ශ්‍රී ලංකා.. ඉන්න හිතෙන රටක් මේක..!!!
Perera Wednesday, 16 September 2020 06:25 PM
කවුද කරවල ඇමැති?