(මහින්ද නිශ්ශංක)
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා රේගු වෘත්තීය සමිති සන්ධානය අද (4) රැස්වී ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය.
ඉකුත් 30 වැනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදට දින හයක් ගතවේ.
කිසිදු හේතුවක් නොදක්වා ජාවාරම්කරුවන්ගේ බලපෑම් මත රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරන ලද චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවන තුරු මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණඩව කි‍්‍රයාත්මක කරන බව උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය.
දිනකට වරායෙන් කන්ටේනර 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් නිෂ්කාශණය කරන නමුදු වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතූවෙන් එම සංඛ්‍යාව දිනකට 100ත් 150ත් අතර සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇති බවත් පවසන ඒ මහතා වරායේ පමණක් කන්ටේනර් 2000කට අධික සංඛාවක් ද ඊට අමතරව ඔරුගොඩවත්ත සහ තොටලග කන්ටේනර් අංගන වලද විශාල සංඛ්‍යාවක් ද කන්ටේනර් ගොඩ ගැසී ඇතැයිද පැවසීය.
මුදල් ඇමති මංගල සමරවීර මහතා ගැටළුවට විසඳුමක් නොදී කැබිනට් එකට බොරු කරුණු ඉදිරිපත් කර කැබිනට් එක නොමඟ යවා ඇති බවත් පැවසු සුදත් ද සිල්වා මහතා මුදල් ඇමැතිවරයා කැබිනට් එකේදී පවසා ඇති කරුණු බොරු කරුණූ බවට ඔප්පු කිරීමට රේගු වෘත්තීය සමිති සුදානම් බවද පැවසීය.
රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා කියා සිටියේ ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල සහය ලබාගෙන පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය පියවර ගෙන තිබෙන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයෙහි පිහිටවන තුරු ජාවාරම් කරුවන්ටත් ඔය ඇමතිටත් යටනොවී රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩිකර සටන ජයගන්න සියළුදෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.!
රේගුව, ලංකාවේ දූෂිතම ආයතනය නොවේ නම් දූෂිතම ආයතන දෙකතුනෙන් එකක්. වර්තමානයේත් එහි දූෂිත බවේ කිසිම අඩුවක් නැහැ... හොර සිගරට් ලොරියක්ම රේගුවෙන් නිදහස් වෙලා එනකොට අල්ලා ගත්තේ පෙරේදා හෝ පළමුදා නේද? තමන්ට බඩේ පාර වැදීම වළක්වා ගැනීමට හෝ දේශපාලන වුවමනාවන් සඳහා මිසක් රටේ යහපත වෙනුවෙන් කවුරුන් හරි වර්ජනය කර තිබෙනවාද?
ලංකාවේ හොඳම හොරුටික සේරම එකතුවෙලා හොරකම රජ කරවන්න අර අඳිනවා. මේ පිටුපස කාගේ කාගේත් බළල් අත් ඇති බව නම් අපට හිතාගන්න පුළුවන්... ඔය ගුවන්තොටුපල ආගමන, විගමන නිලධාරිනුත් පහුගිය කාලේ වර්ජන කලේ කැමරා පද්ධතියක් සවි කිරීමට විරුද්ධවයි. මොවුන් සේරම එලවල සුදුසුකම් ඇති තරුණයෝ බඳවාගන්න ඕනෑ. කොන්දක් ඇති නායකයෙක් ඉන්නවා නම් රටේ......
දේශපාලකයන්ගේ පහත් දේශපාලනය නිසා රටේ සියලුම පුරවැසියෝ වන්දි ගෙවනවා. කැබිනෙට්ටුවේ ඉන්න ඔල මොට්ටලයන්ගේ ජඩ වැඩ ගැන වටහා ගැනීමට දේශපාලන මන්ද බුද්ධික වන්දි භට්ටයන්ට නැණ නුවණ පහළවේවා! ඒ එක්කම කියන්න තියෙන්නේ ඔබලාගේ ගැති බව නිසා පොදු මහත් ජනතාවම දුක් විඳින බව නොපෙනේද? කන්ටේනර් සිර වීමෙන් භාණ්ඩ හිඟවීමක් වගේම භාණ්ඩ නරක් වීමක් සිදුවෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අලාභය පාරිභෝගික ජනතාව වෙත පටවනවා. තැලෙන යකඩය හැමෝම එකතුවෙලා තවතවත් තලනවා. අම්බරුවන්ගේ සුඛ විහරණයට අපි මිරිකෙනවා.
ජනතාව වන අපට තියෙන ප්‍රශ්නේ වන්නේ චාල්ස් මහත්මියව මාරු කරනවද? නැද්ද? කියන එක නෙමෙයි, අර ජාවාරම් කාරයන්ට කව්ද නීතිය ඉදිරියට ගේන්නේ...?
අපිට රේගුව සුළු-ආබාධිත රණවිරුවන්ට සහ නවක උපාධිධාරීන්ට රැකියා දෙන තෝතැන්නක් කරගන්න පුළුවන්. අදාළ බලධාරීන් මේ ගැන සොයා බලන්න.
එකෙක් රකින්න බහුතරයකගේ රස්සාවලට පහර එල්ල කිරීමක් මේක... ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන කවුරුත් නෑ. වරාය තුල වැඩිම අල්ලස් ගන්නා ඔවුන් සුදනන් වෙන්න බෑ. ඒක විහිලුවක්...
මේ රේගුවේ ඉන්න ලොකු ලොක්කෝ සහ ඉහළ නිලධාරීන් රජයේ සමස්ත බදු අදායමෙන් 1/3ක් විතර හොරපාරෙන් සාක්කුවේ දමාගන්නවා. මේක අද ඊයේ ඉඳන් නෙමෙයි. මේක කවුරුත් දන්නා රහසක්... මේ අයගේ පරම්පරා හතක්ම ගොඩ මේ රස්සාව නිසා... රජය වහාම දැඩි තීරණයක් අරගෙන මේ රේගු වෘත්තිය සමිතිවලට ඕන විදියට නටන්න දෙන්න එපා... රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට මේ හොරකම් නවත්තලා දැඩි තීරණ ගන්න පුළුවන් කෙනෙක් වහාම පත්කරන්න.