IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රේගුව විසින් රාජසන්තක කරන බීඩි කොළ විනාශ කරන්න අනුමැතිය

(ඩයනා උදයංගනී)


නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති බීඩි කොළ තොග විනාශ කිරීමටත්, වාහන රජයේ ආයතනවල භාවිතය සඳහා මුදාහැරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.


විධිමත් අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වන බීඩිකොළ තොග ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කිරීමෙන් පසු නියමිත රේගු ක්‍රියාමාර්ග අනුව ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම මෙතෙක් කල් සිදුකෙරුණත් එම බීඩිකොළ භාවිතයට ගන්නා අයගේ සෞඛ්‍යයට හානිකරවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

 


ඒ අනුව මින් ඉදිරියට රේගුව විසින් රාජසන්තක කරන බීඩි කොළ තොග දැඩි සුපරීක්‍ෂණයක් යටතේ විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.


මේ අතර සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතය වෙනුවෙන් මුදා හැරීමට මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.  


ඒ අනුව එම වාහන ඉදිරියේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අවසරය මත යුද හමුදාවේ හා රාජ්‍ය ආයතනවල භාවිතයට ඉල්ලීම් කර ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීවේය. 



අදහස් (2)

රේගුව විසින් රාජසන්තක කරන බීඩි කොළ විනාශ කරන්න අනුමැතිය

Parakramabahu Thursday, 09 July 2020 08:41 AM

බීඩි කොළ නෙවෙයි, අල්ලන කුඩු ටික පුච්චපල්ලා... දැන් එකෙක්වත් ෂුවර් නැහැ. පුළුවන් නං ඕවා ටීවී වල පෙන්නන්න... අඩුගානේ අල්ලන කුඩු ටික පුච්චගන්න බැහැ නම් තව මොන කතාද?

:       0       6

නෙවිල් Thursday, 09 July 2020 09:26 AM

බලාගෙන. ඕවා විකුණලා ඇතුළට ගස්ලබු කොළ දමලා පෙන්නාවි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 160 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site