(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ)
රක්වානේ පැවති මංගල්‍යය උත්සවයකින් පසු සිව් දෙනෙකුට කොරොනා ආසාදිතවිම නිසා තාවකාලිකව සංචරණ සීමාවන් පැනවු රක්වාන උක්වත්ත ප්‍රදේශයේ සංචරණ සීමාවන් ඉවත් කර තිබේ.
රක්වාන ගොඩකවෙල මාර්ගයේ රක්වාන නගරයේ සිටි කිලෝමිටර දෙකක් දුරට පොලිස් මාර්ග බාධක දෙකක් දමා සංචරණය සිමා කර තිබිණි.
මංගල්‍යය ගිවිස ගැනිමේ උත්සවයට පැමිණි මනාලයාට මුළින්ම කොරෝනා ආසාදනය වු අතර ඉන් පසු සිදු කළ පි.සි ආර් පරික්ෂණ වලදි මනාළියට ද ඇයගේ පවුලේ කිහිප දෙනෙකුටද මනාලයා පදිංචි රත්නපුර ප්‍රදේශයේ දස දෙනෙකුට පමණ කොරෝනා ආසාදිත බවට තහවුරු වු බව ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය .
මෙම සිද්ධිය නිසා පුද්ගලයින් සියදෙනෙකුට වැඩි පිරිසක් පි.සි .ආර් පරික්ෂණවලට යොමු කරමින් ඇතැයි රත්නපුර වසංගත රෝග වෙද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd