IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


යළ කන්නට අවශ්‍ය පොහොර කඩිනමින් ගබඩා කරන්නැයි උපදෙස්

මෙවර  යළ කන්න සඳහා කුඹුරු වගා කිරීමට අවශ්‍ය  පොහොර මාර්තු මස අග වන විට ගබඩා කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පොහොර සමාගමේ සභාපතිවරයා දැනුම්වත් කර  තිබේ.
 
 යළ කන්නයේදී මෙවර  කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට අපේක්ෂා  කරන හෙයින් ඒ සඳහා අවශ්‍ය වන පොහොර මෙලෙස ගබඩා කරන්න්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතාට මෙලෙස දැනුම් දී ඇති බව අමාත්‍යංශය පවසයි.
 
 යල කන්නය සඳහා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂයක් බවත්, මේ වනවිටත් ලක් පොහොර සමාගම යුරියා මෙට්‍රික් ටොන් 16,000ක්, මඩ පොහොර මෙ.ටො. 11,000ක්, බණ්ඩි පොහොර මෙ.ටො.4000ක් තම ගබඩාවේ තොග පවතින බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
 
 මේ මාසය නිම වන්නට පෙර චීනය,රුසියාව,ඉන්දුනීසියාව සහ කටාර් රටවලින් පොහොර තොග ආනයනය සිදු කරන බව ද  ඒ  වෙනුවෙන් බිලියන 09ක මුදලක් පොහොර සමාගම දරන බවත්, යල කන්නය සඳහා යූරියා මෙ.ටො. 47,000ක්  ද කොමර්ෂල් පොහොර සමාගම යූරියා මෙ.ටො. 28,000ක්ද ඇනවුම් කර ඇති බවත් අමාත්‍යංශය පවසයි.
 
 මෙවර වැඩිම යූරියා භාවිතයක් ඇත්තේ පිළිවෙළින් අනුරාධපුර දිස්ත්‍රික්කය මෙ.ටො.27,000ක් ද, අම්පාර යූරියා මෙ.ටො.22,000ක් ද,කුරුණෑගල මෙ.ටො.21,000 ද, පොළොන්නරුව මෙ.ටො. 19,500 ද, මඩකලපුව 14,000ක් ද වශයෙන් ලක් පොහොර සමාගම මඟින් පොහොර ගොවීන් වෙත ලබා  දී තිබේ.
 
 රජයේ පොහොර සමාගම් වන ලක් පොහොර සමාගම පොහොර අවශ්‍යතාවය 60%ක් ද, කොමර්ෂල් පොහොර සමාගම 40%ක අවශ්‍යතාවය ද සපුරාලයි.මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 32ක් දරයි.

(36698)



අදහස් (0)

යළ කන්නට අවශ්‍ය පොහොර කඩිනමින් ගබඩා කරන්නැයි උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site