මෙවර යළ කන්න සඳහා කුඹුරු වගා කිරීමට අවශ්‍ය පොහොර මාර්තු මස අග වන විට ගබඩා කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පොහොර සමාගමේ සභාපතිවරයා දැනුම්වත් කර තිබේ.
යළ කන්නයේදී මෙවර කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට අපේක්ෂා කරන හෙයින් ඒ සඳහා අවශ්‍ය වන පොහොර මෙලෙස ගබඩා කරන්න්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතාට මෙලෙස දැනුම් දී ඇති බව අමාත්‍යංශය පවසයි.
යල කන්නය සඳහා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂයක් බවත්, මේ වනවිටත් ලක් පොහොර සමාගම යුරියා මෙට්‍රික් ටොන් 16,000ක්, මඩ පොහොර මෙ.ටො. 11,000ක්, බණ්ඩි පොහොර මෙ.ටො.4000ක් තම ගබඩාවේ තොග පවතින බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
මේ මාසය නිම වන්නට පෙර චීනය,රුසියාව,ඉන්දුනීසියාව සහ කටාර් රටවලින් පොහොර තොග ආනයනය සිදු කරන බව ද ඒ වෙනුවෙන් බිලියන 09ක මුදලක් පොහොර සමාගම දරන බවත්, යල කන්නය සඳහා යූරියා මෙ.ටො. 47,000ක් ද කොමර්ෂල් පොහොර සමාගම යූරියා මෙ.ටො. 28,000ක්ද ඇනවුම් කර ඇති බවත් අමාත්‍යංශය පවසයි.
මෙවර වැඩිම යූරියා භාවිතයක් ඇත්තේ පිළිවෙළින් අනුරාධපුර දිස්ත්‍රික්කය මෙ.ටො.27,000ක් ද, අම්පාර යූරියා මෙ.ටො.22,000ක් ද,කුරුණෑගල මෙ.ටො.21,000 ද, පොළොන්නරුව මෙ.ටො. 19,500 ද, මඩකලපුව 14,000ක් ද වශයෙන් ලක් පොහොර සමාගම මඟින් පොහොර ගොවීන් වෙත ලබා දී තිබේ.
රජයේ පොහොර සමාගම් වන ලක් පොහොර සමාගම පොහොර අවශ්‍යතාවය 60%ක් ද, කොමර්ෂල් පොහොර සමාගම 40%ක අවශ්‍යතාවය ද සපුරාලයි.මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 32ක් දරයි.
(36698)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යළ කන්නට අවශ්‍ය පොහොර කඩිනමින් ගබඩා කරන්නැයි උපදෙස්