
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේදී මිනිස් පරිභෝජනයට සුදුසු හොඳ තත්වයේ පැවති වී මෙට්‍රික් ටොන් 88615 සත්ව ආහාර ලෙස අඩු මිලට විකිණීමෙන් රුපියල් කෝටි 250 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ පී කුමාරසිරි මහතා(පො.පෙ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙය එම රජය සමයේ සිදු වූ බරපතළ වංචාවක් බවද ඔහු පැවසුවේය.
වී කිලෝව රුපියල් 24 ට සත්ව ආහාර සඳහා මෙසේ විකුණා ඇත්තේ වී අලෙවි මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව බව පැවසූ අලුත්ගමගේ මහතා එවකට රජයේ ඇමතිවරයා ඇතුළු රජය මේ සඳහා වගකිව යුතු බවද සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් දෙන්න. කරපු අය හොයල රටේ ජනතාවගේ අපේක්ෂාව එයයි.. මම නම් කියන්නෙ කීයටවත් ඒක වෙන්නෙ නම් නැහැ කියල.
මෙහෙම කරනකොට සහල් ගනන් යන්නෙ නැති වෙයිද
ඔය කිඋම් වලින් දැන් පලක් නැහැ, එදා රුපියල් 65-70 රතු කැකුලු හාල් අද රුපියල් 90-110 අතර, යතාර්තය එයයි .
ඒ ගොල්ලෝ මේ ගොල්ලන්ට බනිනවා. මේ ගොල්ලෝ ඒ ගොල්ලන්ට බනිනවා. අපි දෙපැත්තටම බැණ බැණ මාරුවෙන් මාරුවට ඡන්දෙ දෙනවා... රට අගාධයටම යනවා.
සල්ලි විනාස වෙනවා . සේරම බයිලා තමයි
ඒවා කරපු අයට නීතිය ක්‍රියාත්මක කලාම් කවුරුත් මේ වගේ දේවල් කරන්නැ
බයිල නැතුව දඩුවම් කරන්න. හාල් රු.200යයි වංචාව එපා
එවකට රජයේ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා සිටින්නේ ඔබ නියෝජනය කරන මේ රජයේ නොවෙයිද?
යකෝ රෙද්දක් ඇඳ ගෙනද මේ ඉන්නේ... හාල් වලින් මත්පැන් පෙරන් අය අනුන්ට ගල් ගහනවා..
නියම සුදනා අනුන්ගේ වැරදි ගැන කථා කරන්නේ....
වැරදිලාවත් පිට්ටනියකට එහෙම යන්ඩ එපා, හම්බන්තොට, පල්ලෙකැලේ ගහපු ගැහිලි වලට හෙන ගහයි වැහි නැතුව. මාසෙට ලක්ශ 50ක් නඩත්තු ගෙවන්නෙ අප්පා හම්බකරලා දීපුවාගෙන් වෙන්ඩ ඇති...
69 ලක්ෂයකට කන්න දීපුවා ගැනයි ඔය කියන්නේ..!!!
එතකොට එදාවත් නැති තරම් අද හාල් මිල වැඩි වෙලා තියෙන්නේ ඔහේලා හාල් විකුණන්නේ මොනවටද?
එම වී මෙච්චර කල් තිබුණා නම් සත්ව ආහාරවලට ගන්නත් බැරි තරමට නරක් වෙන්න තිබුණා. කොහොම නමුත් හොඳ අස්වැන්නක් ලැබිලා මතකද මත්තල ගුවන් තොටුපළේත් වී ගබඩා කළා...?