IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ ජිනීවා යෝජනා දෙකෙන් රජය ඉවත් වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට  කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි  අද (19) රාත්‍රීයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

ජිනීවා මානව හිමිකම් යෝජනා දෙක ඉවත් කිරීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා හෙට (20) පාර්ලිමේන්තුවේදී විශේෂ  ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතව ඇත.

 

 



අදහස් (11)

යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ ජිනීවා යෝජනා දෙකෙන් රජය ඉවත් වෙයි

සමන්ත Wednesday, 19 February 2020 07:28 PM

බොහොම සන්තෝසයි. දැන් අපි අපේ ප්‍රශ්න ඉවරවී, සෞභාග්‍ය පිරි ඉතිරේවි. රජයක් විදියට ලෝකයේ සම්මත නීති රීති සහ ඒ රාමුවෙන් පිට වී ඉන්න කාටවත් ඉන්න පුළුවන් හැබැයි ඒවා ට යම් පිරිවැයක් දරන්න වෙනවා. බුරුමය, ඉරානය සහ සිම්බාබ්වේ වැනි රජයන්ට වූනේ ඒකයි. ඔහොම යං. ඔහොම යං. ආයෙත් ලෝකෙම තරහ කරගන්න හදන්නේ. කන්ද වත් නැතිවෙන දවස් ළඟ එනවා.

:       382       193

JayasenaThursday, 20 February 2020 06:02 AM

කන්න නැත්නම් වවාගෙන කනවා, බඩ වගේද රට

:       0       124

Perera Thursday, 20 February 2020 12:40 AM

රටේ තියෙන ප්‍රශ්න මදිවට සම්බාධක පැනවුවොත්...."දැන් සැපද" කියලා අහන අයත් ඉඳීවි.

:       71       53

gamage Thursday, 20 February 2020 03:40 AM

මේවා ඉතින් ඉස්සරහට එන ඡන්දෙ වෙනුවෙන් කරන දේවල් කියන්න අමුතුවෙන් ඕනි නැ.

:       588       317

VajiraThursday, 20 February 2020 06:01 AM

විදුලි පුටුව ආපහු මැතිවරණ වේදිකාවට ගෙන්න වගේ ලෑස්තිය. ව්‍යාජ දේශප්‍රේමය තමා අපේ රටේ මිනිසුන්ගේ ලේ උණු කරලා ඡන්දෙ දිනාගන්න පුළුවන් ලේසිම ක්‍රමය.

:       4       123

JAYASEKARA Thursday, 20 February 2020 04:12 AM

කොන්ද පන තියෙන සියලු දෙනා බලාපොරොත්තු වුනු බටහිරට ගැති නැති නායකත්වය.

:       656       820

කරුණාපාල Thursday, 20 February 2020 05:17 AM

සම්බාදක දාපු දවසට ජයසේකරගේ කොන්ද පන තියේවිද?

:       134       114

jayasekara Thursday, 20 February 2020 06:01 AM

සම්බාදක තාම දැම්මේ නැහැනේ. මෙතන ඒක නොවේ බලන්න ඕන. ස්වෛරී රාජ්‍යක් විදියට කියන කියන එකට නැමෙන ප්‍රතිපත්තිය බැහැර වෙලා රටක් වශයෙන් තීන්දු තීරන ගන්න එක ගැන.

:       12       144

vidya Thursday, 20 February 2020 06:30 AM

නරියට මිදිවැල එල්ලලා තියනවා වගේ.

:       0       1

Gura Thursday, 20 February 2020 08:17 AM

සමන්ත, ඔයාගේ බඩ පෙරට. රට දෙකට. පුදුම මිනිස්සු.

:       1       0

athuraThursday, 20 February 2020 02:15 PM

ගුරෝ මිනිස්සු ජීවත් වෙලා ඉන්න එපැයි රට ගැන හිතන්න.මිනිස්සු නැතුව රටක් තිබිල මොකටද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 324 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site