IMG-LOGO

‘යහපාලනය ගුරු වැටුප් ප්‍රශ්න විසඳන්න කැබිනට් අනුමැතියත් දුන්නා’’

(අංජුල මහික වීරරත්න)

යහපාලන රජය සමයේ ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්නට  කැබිනට් අනුමැතිය ද ගෙන ඉතිරිවී තිබුණේ ගෙවීම් කටයුතු කරන්නට පමණක් යැයි ද යහපාලනය එලෙස කටයුතු කළේ රුපියල් 10,000කින් වැටුප වැඩි කර තිබූ පසුබිමක යැයි ද හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය .
ජනාධිපතිවරණය,ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආදිය  නිසා අදාළ ගෙවීම් කටයුතු කරන්නට හැකි වුණේ නැති බව කී කාරියවසම් මහතා මෙම ගුරු ප්‍රශ්නය වසර විසි හතරක් තිස්සේ පවතින එකක් බව  වෘත්තිය සමිති කියන බවත් 1994 වසරේ සිට මේ රටේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරුන් බව සිහිපත් කළ යුතු බවත් සඳහන් කළේය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මෙි බව කීය .



අදහස් (7)

‘යහපාලනය ගුරු වැටුප් ප්‍රශ්න විසඳන්න කැබිනට් අනුමැතියත් දුන්නා’’

කිරි පුතා Wednesday, 04 August 2021 10:41 AM

ගෙවීම් පටන් ගන්න එපැයි. දැන් කියන්නෙ මොකටද ? කොවිඩ් තත්ත්වය පුරාම සම්පූර්ණ වැටුප ගත්තෙ රජයෙ සේවක⁣යන් පමණයි. ඔවුන්ට අවබෝධයක් තියෙන්න ඕන අද රට පවතින ආර්ථික අපහසුතාව ගැන. මේ වෙලාවෙ පඩි වැඩිකරන එක නෙවෙයි පඩි ගෙවන එකත් පුදුමයක්.

:       1       159

RaveendraWednesday, 04 August 2021 11:20 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. අප බලයේ ඉන්න "හරකුන්ට" කඩේ යනවා නොව එලෙසම විපක්ෂේ ඉන්න "මිහරකුන්ගේ" ඇවිලෙන ගින්නට පිදුරු දැමීමේ ක්‍රියාවට උදව් කරනවාද නොව අප සෑම පුරවැසියකුම අවංකව මේ අවස්තාව පක්ෂ බේදයකින් තොරවරටේ තත්වය තේරුම් ගත යුතුයි යන්න අපගේ අදහසයි. ඕනෑම දෙයකට නිදහසට කරුණු කියනවා යනු වැඩ නොකරන හරකුන්ගේ පැහැදිලි ගති ලක්ෂණයක් බව නොරහසකි... මේ අකිලයාටත් වෙලා තිබෙන්නේ එයමය. අපි කරා එත් හරියට සම්පුර්ණ කරන්න ඉඩ දුන්නේ නැහැ වැනි ගොන් තකතීරු මෝඩ තර්කවලින් මුන්දලාව මිනිසුන් තව තවත් ඈත්කරනවා නොවේද ?? ඒ සුළු දෙයවත් තේරුම් ගැනුමට මොලයක් නොමැති මීහරක්...නොදකින්...ඒ වුනාට හිටපු අධ්‍යාපන ඇමතියාලු...ලැජ්ජයි ගොයියෝ ලැජ්ජයි...

:       3       92

Hamid Wednesday, 04 August 2021 11:06 AM

දැන් ටික ටික මූන පෙන්නනවා .ආයෙත් ආඳා වගේ යන්නේ

:       2       196

duminda Wednesday, 04 August 2021 11:35 AM

මොනවා වුණත් අකිල අධ්‍යාපනය වෙනුවෙන් හුඟක් දේවල් කළා. ඡන්දෙ කාට දුන්නත් කරපු දේ අගයන්න ඕනෑ...

:       436       131

මුණසිංහ Wednesday, 04 August 2021 01:53 PM

ඇත්ත, අපි දන්නා විදියට පාසල් පරිපාලනය සියල්ල අවුල් කලා. ආපු ගමන් රෝයල් ඇතුළු ඉහළම පාසල් කීපයකට තමන්ගේ හෙංචයියලා දැම්මා . ගුරුවරුන් මාරුවීම් වලට සංගම් වල කට්ටිය දාල තමන්ගේ වැඩ ටික කරන්න ඉඩ දුන්නා.

:       0       43

උපතිස්ස Wednesday, 04 August 2021 02:16 PM

රුපියල් 10000 කින් පඩි වැඩි කරපු එක තමයි ඔහෙලා කරපු ලොකුම ගොන්කම. රාජ්‍ය සේවකයා ඉදිමුණා. කටුස්සන්ගේ කරේ රත්තරන් බඳින්න ගිහින් ඉල්ලන් කෑවානේ. පඩිවැඩි කළාම ඡන්දෙ ගන්න පුළුවන් කියලා හිතුවා. අන්තිමට වුණේ රටේ ආර්ථිකය වැටිච්ච එක විතරයි.

:       0       18

SUNIL MILANO Wednesday, 04 August 2021 03:34 PM

රුපියල් දසදහසක් වැඩි කරනවා කියලා කටින් බතල කොළ සිටවුවා පමණයි .ඊට එහා කරපු දෙයක් නැහැ

:       0       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 66 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site