
( තිළිණි ද සිල්වා)
'' මැණිකේ මගේ හිතේ '' ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇත.
සන්නාම තානාපතිවරියක ලෙස ගිවිසුම්ගත වීමට ගායික යොහානි ද සිල්වා මෙනවිය එකගත්වය පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ අනුමැති ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම් දුන් බවද සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක් වශයෙන් ඇය පළමුවෙන්ම ඩුබායි හි ආරම්භ වී ඇති 'වර්ල්ඩ් එක්සපෝ-2020 '' ප්‍රදර්ශනයේ සමාගමී අංගයක් වන ගෝල්බල් ෆෙස්ටිවල් හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් '' ශ්‍රී ලංකා සංචාරක ගීතය '' ලබන ජනවාරි 03 වැනිදා එළි දක්වන බවද එම අමාත්‍යාංශ නිලධාරියා කියා සිටියේය.
තවද එම ශ්‍රී ලංකා ජාතික දින සැමරුම් විශේෂාංගයේ කොටසක් ලෙස යොහානි සමග සංස්තෘතික විවිධ ප්‍රසංගයක්ද ඩුබායි එක්ස්පෝ හීදී පැවත්වන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී
මෙම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යොහනී කළ එම ගීත නිර්මාණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ප්‍රදානය කිරීමටද නියමිත බව පැවසේ.
තවද යොහානි විසින් පද රචනය කර ගායනා කරන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරන සංගීත රූප රචනාවක් ද ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් එළි දැක්වීමට නියමිතව ඇත.
යොහානි ද සිල්වා '' මැණිකේ මගේ හිතේ '' ගීතය ප්‍රතිගායනා කරමින් නිකුත් කළ වීඩියෝව මේ වන යූ ටියුබ් ඔස්සේ කෝටි 14 ක පිරිසක් නරඹා ඇති ගීතයක් වේ.
COMMENTS
Reply To:
-
දැන් ඉතින් අනිත් අය කුලප්පු වේවි
යොහානිට ලබාදෙන අනුග්‍රහයට ස්තූතියි.ඒ වගේම මේ රටේ පිපෙන තරුණ පරපුරේ හැකියාවන් ගැන පිටරටවලින් කෙවිටි කරණකන් ඉන්නේ නැතිව ඔවුන්ගේ හැකියාවන් වලට නිසි තැනක් ලබා දෙන්න.අන්න එතකොට තමයි අපේ රට දියුණු වෙන්නේ.
අත දෙන එක හොඳයි. ඒත් ඕකෙන් වෙන්නේ මේ දරුවාගේ ගමන් මගට බාධා එල්ල වෙන එකයි.
ඔය දීලා තියෙන තානාපතිකමට වැඩා ඔස්ට්‍රේලියාවට තානාපතිකරලා යැව්වනම් ලංකාවට යහපතක්.
මේ දරුව විනාශ කරන්නද කොහෙද මේ දේශ පාලුවො හදන්නෙ, අනේ දුවේ මුන්ට නම් කිට්ටු වෙන්නත් එපා.
අර සිංදුව ලියපු එකාටත්,පලවෙනියට කියපු එකාටත් සලකන්න .. උන් නැතිනම් මේ නිර්මාණය බිහිවෙන්නේ නැහැ
මේ වගේ ගමනක් යන්න පුළුවන් අයව චන්ද මැෂින් වලට දාලා නාස්ති කරන්න එපා .
නිරූපමාට එහෙම මුකුත් දෙන්නේ නැද්ද.?
නිරූපමාට ලබාදෙන අනුග්‍රහයට ස්තූතියි
වැඩේ හොදයි. හැබැයි බොහොම කල්පනාවෙන්. මොකද බොහෝ දේශපාලකයො දළඳා මාලිගාව විකුණ න් කන්න උනත් බැරි නැති පිරිසක්.
ඕක මොකක්ද? අර මෙලෝ භාශාවක් නොදන්න ගායිකාවකට ඉතාලියේ තානාපතිකම දුන්නේ...?
වටිනා මැණිකක් දේශපාලුවෝ විනාස කරන්නයි යන්නේ. මහා භාරතයේ ගීත කෝකිලා ලතා මහත්මියගේ කීර්ති නාමයට එහි දේශපාලකයින් ඇඟිල්ලක් තිබ්බෙවත් නැහැ