IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යොහානිගේ දස්කම් ඇමැති බන්දුල කවියට නගයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලෝකයේම කතාබහට ලක්ව ඇති "මැණිකේ මගේ හිතේ"  ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට  වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) කවියකින් සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයක් විය.

" මැණිකේ වදනින් ලොවක්          කැළඹු
  මිහිරි ගීයෙන් සවන්                  සැනසූ  
  සිහින කුසුමන් දෑස                  තැවරූ
  යොහානි දුවට  අපේ            සුබපැතුම් "

යනුවෙන් ගුණවර්ධන මහතා එම කවි පදය  එහිදී  තාලයට ගායනා කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි දියණියට  තමා හදවතින්ම සුබ පතන බව ඇමැතිවරයා  වැඩිදුරටත් පැවසුවේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් පිළිබඳ විවාදයේදීය.



අදහස් (6)

යොහානිගේ දස්කම් ඇමැති බන්දුල කවියට නගයි

විජිත් Tuesday, 05 October 2021 04:45 PM

යෝහානි දුවේ ඔයාට දැන් මුළු ලෝකෙන්ම පිළිගැනීමක් ලැබිලා තිබෙනවා. ලෝකයෙන්ම ආදරය ලැබිලා තිබෙනවා. සම්මාන, මුදල් ලැබිලා තිබෙනවා. තවත් මොනවාද? ඔයාට මේ හැමදෙයම ලැබුනේ ඔයාගේ දක්ෂකමත්, අවංක කැපකිරීමත්, නොපසුබට උත්සාහයත් ඒ සියල්ලටම වඩා ඔයාගේ වාසනාව නිසයි. ඔබ වැනි නිහතමානි, අවංක, දක්ෂයෙක්ට ශ්‍රී ලංකාවේ දේශපාලුවන් සම්මාන අවශ්‍ය නැහැ. ඒ අයගෙන් සම්මාන නොලබන තරමට ඔබව ස්ථාවර වේවි.ඔයාට බුදු සරණයි,දෙවි පිහිටයි.

:       0       1

janahitha Tuesday, 05 October 2021 04:54 PM

කවිත් කියන්න පුළුවන්නේ

:       0       0

nirodayana Tuesday, 05 October 2021 04:56 PM

නිරුපමාගේ දස්කම් ඇමැති බන්දුල කවියට නගයි

:       0       1

Ruwan Tuesday, 05 October 2021 05:01 PM

කවි කියලා වාහන පර්මිට් ඇමතිකම් සහ වරප්‍රසාද ගන්න කැමති අය ලයික් කරන්න

:       0       1

asanka Tuesday, 05 October 2021 05:22 PM

දැන් හාල්, කිරි පිටි, සුදු ළූණු මතක නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මෙයාගේ කවි අහගෙන ඉන්න...

:       0       0

එලිසමයං Tuesday, 05 October 2021 08:21 PM

එලිසමයත් නෑ එලිවැටත් නෑ..... එතන කවියකුත් නෑ කතාවකුත් නෑ.... මෙයාට ආර්ථික විද්‍යාවත් බෑ දේශපාලනයත් බෑ... අන්තිමේ සුදුලූනුත් නෑ හාලුත් නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site