ශාන්ත රත්නායක
යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45 ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විහාග වන නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අත්සන් කිරීම සඳහා අද (25) පැමිණියේය.
‘අපිට අධිකරණය විශ්වාසයි. අධිකරණයෙන් තීන්දුවක් දෙනකම් මේ විදියට ඇවිල්ලා අත්සන් කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විරුද්ධව නඩුවක් යොමු කරලා තියනවා.
යොමු කරපු කට්ටියක් ඒ ගැන ක්‍රියාත්මක කරයි. මම කරන්නේ මට පනවපු නඩුවට උත්තර දෙන එක විතරයි’ යැයි එහිදී යෝෂිත රාජපක්ෂ මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඇවිල්ලා ඉන්න විදිහ... ඉරිච්ච කලිසම වහගන්න බලනවා... අනිත් නිරුවත කොහොමත් එළියේ තමයි.
අනේ පව් අප්පා.. කලිසමක්වත් හරියට නැහැ දුප්පත් කොල්ලට.. ලංකාවේ හැමෝම කොණ්ඩෙ බැඳපු චීන්නු තමයි.
අම්මපා මෙහෙම තැනකට එන්න ඕන විදිහවත් දන්නේ නැද්ද මේ ගොල්ලෝ? කාගේ ලොකුකම්ද ඔය පෙන්වන්නේ.. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන.. මොන විදිහේ මනසිකත්වයක්ද තියෙන්නේ මේ ගොල්ලන්ට.. ලඟදි දවසක නාමල් ආවා FCID එකට කොට කලිසමක් ඇඳගෙන... අද මල්ලි...
ලක්ෂ 45ද ලක්ෂ 4500ද? කරුණාකර නිවැරදි කරන්න
දාන නඩුවක් හරියට දාන්න. යූ.එන්.පි. ෆේල්... ලක්ෂ 45ක් දාන්න ඕක නඩුවක්ද බං...? විකාර තමයි. මිනිසුන්ට විහිලු සපයලා එක දෙයක්වක් හරියට නොකර බමබුවක් තව කථා කරනවා. කලේ හරියට මහ බැංකුව කඩපු එකයි, නඩු අහන්න කලින් තීන්දුව දීපු එකයි විතරයි මගෙ හිතේ...
අඳින්න හරි හමන් ඇඳුමක්වත් නැති දුප්පත් දරුවන්ට මුකුත් කියන්න එපා!
පියාගේ බලය තාවකාලික නිසා පවුලේ අයගේ නඩු ටික ඉවර කරගන්නද කල්පනාව? රැකියාවක් නැහැ... වටිනා දේපල ගන්න මුදල් කොහෙන්ද? සේරටම වැහි නැති ගිනි බෝල පාත් වෙයි.
හත්මුතු පරම්පරාවේ නඩු ටික බේරගන්න තමයි දැන් අප්පච්චි අගමැතිකමේ එල්ලිලා ඉන්නේ... මෛත්‍රිපාල සිරිසේනට පිංසිද්ද වෙන්න නඩු ටිකෙන් නිදහස් වෙයි. ඒත් හැබැයි කර්මයෙන් නම් බේරෙන්න බැරිවෙයි.
එෆ්සීඅයිඩී එක කියන්නෙ වැදගත් ස්ථානයක්ද?
මේ කලිසම ඉරිච්ච කලිසමක් නොවෙයි මෙය ලොකයේ තිබෙන අලුත්ම විලාසිතාවක්.
බිය නොවන්න පුතා, නඩුත් අපේ බඩුත් අපේ.