IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


යූරියා පොහොර බෙදාගන්න දඹුල්ලේ ගොවීහු-ගබඩා සේවකයෝ ගැටෙති

(කාංචන කුමාර ආරියදාස)

යූරියා පොහොර මිටි 10,000 ක් පමණ අවශ්‍ය දඹුල්ල  රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි 200 ක් ලැබීම හේතුවෙන් එය බෙදා ගැනීමට නොහැකිව ගොවීන් සහ රජයේ පොහොර ගබඩා සේවකයින් අද (7) උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පොහොර මිටි 200 බෙදා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් ගබඩාවේ දඹුල්ල කාර්යාලයේ පාලකවරයා එක හැඳුනුම්පතට ගොවියකුට පොහොර මිටි දෙක බැගින් නිකුත් කිරීමට පටන් ගෙන ඇතැයි ගොවීහු කියති.

විනාඩි කිහිපයක් ගතවෙද්දී පොහොර මිටි 200 අවසන් වීම සහ හැඳුනුම්පත් රැගෙන  නොපැමිණි සිටි හා හැඳුනුම්පත් නොමැති ගොවීන්ට නැවත හැදුනුම්පත රැගෙන එද්දී පොහොර අවසන්වීම තමන්ට අසාධාරණයක් වූ බවද ගොවිහූ කියති .

දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැල්වල සහ රජයේ ගබඩාවේද යූරියා පොහොර දින ගණනාවක සිට හිඟයක්ව පැවතීමෙන් ගොවිතැන් කටයුතුවලට විශාල බාධා එල්ල වී ඇතැයි ගොවීහු  කියති.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් අද (7) දඹුල්ලේ පිහිටි රජයේ පොහොර ගබඩාව සහ පෞද්ගලික වෙළෙඳ ස්ථානවල පොහොර ඇත්දැයි සොයා බැලීම සඳහා පැමිණ සිටියහ.

එහිදී ගොවීන් සහ ව්‍යාපාරිකයින් කියා සිටියේ මේ වන විට පොහොර ලැබීම  ප්‍රමාදවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවය.

දඹුල්ල ලක් පොහොර ගබඩාව කළමනාකරු එස්.පි.යු.පතිරණ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට  පොහොර මිටි 200ක්  රජයෙන් ලැබුණු බවත් ඒවා ගොවීන්ට බෙදා දීමේ අවශ්‍යතාවය නිසා හැඳුනුම්පත ලබා ගෙන එක් ගොවියකුට මිටි දෙක බැගින් ලබාදීමට අවශ්‍ය පියවර ගත් බවයි.

සහනාධාර යටතේ දෙන පොහොර අවශ්‍ය තරම් ගබඩාවේ පවතින බවත් කිලෝ 50 ක මිටියක් රුපියල් 1000 කට අලෙවි කරන පොහොර මෙසේ හිඟව පවතින බවද හෙතෙම කියා සිටියේය .

එමෙන්ම දඹුල්ල නගරයේ පොහොර ව්‍යාපාරිකයකු වූ ඒ.ඩබ්ලිව්.ඒ.බණ්ඩාර සාරලංකා  මහතා කියා සිටියේ පොහොර හිඟය නිසා තම ව්‍යාපාර ආයතන පවා කඩා වැටී ඇති බව යි. කම්කරුවන්ට වැටුප් ගෙවීම ලොරි රථ පාලනය කිරීම ආදී සියල්ල කඩා වැටී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම කුලී කම්කරුවාගේ සිට මහා පරිමාණ ගොවියා දක්වාම පවුල් පිටින් මෙම හානියට ගොදුරු වී තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. කඩිනමින් මෙම පොහොර හිඟයට විසඳුම් ලබා නොදුණහොත් සිදුවන්නේ ඉදිරියේ දී එළවළු වගාව වී වගාව හානියට පත්ව ගොවීන් වගාවෙන් ඉවත්වන  බවද හෙතෙම පෙන්වා දුන්නේය .

දිනකට පොහොර ලොරි හතරක් පමණ අලෙවි කරන බවත් මෙවැනි විට පොහොර ඇටයක් හෝ අලෙවි කර ගැනීමට තත්ත්වයක් නොමැති බවද බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙම රජය බලයට පත් වූයේ නොමිලේ ගොවීන්ට පොහොර ලබා දෙන බව පවසා බවත් මේ වන විට පොහොර මිලදී ගන්නට වත් නොමැති තත්ත්වයට පත්වී තිබෙන බවයි.

නොමිලේ දෙන ඒ කතාව නිසා බොහෝ පොහොර ගෙන්වන ව්‍යාපාරිකයින් පොහොර ගැනීම ප්‍රමාද කළ බවත් ඇතැම් ගොවීන් වගාවෙන්  ඉවත්ව නොමිලේ පොහොර ලබාගෙන වගා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බවද හෙතෙම සඳහන් කළේය.

අවසානයේ දී හිඟය බරපතල ලෙස රටට දැනෙමින් පවතින නිසා රජය කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකර ගොවීන්ට පොහොර ටික ලබාදිය යුතු යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට එක් වූ ගොවීන් කියා සිටියේ තමන් අවස්ථා ගණනාවක් මාසයක පමණ වැඩි කාලයක සිට වෙළඳසැල් වලටත් පොහොර පවතින යැයි කියන ස්ථානවලට ඇවිදිමින් විශාල මුදලක් වියදම් කරගෙන තිබෙන බවයි.  පොහොර නොමැතිව වහ බොන තරමටම ගොවීන් පත්ව ඇති බව ද දැඩි කණස්සල්ලෙන් යුතුව ඇතැම් ගොවීන් මේ දී ප්‍රකාශ කරන්නට වූහ.



අදහස් (1)

යූරියා පොහොර බෙදාගන්න දඹුල්ලේ ගොවීහු-ගබඩා සේවකයෝ ගැටෙති

Champa Tuesday, 07 January 2020 01:59 PM

කිව්වේ නම් ලංකාවටම දෙනවා කියලා. දාහක්වත් දෙන්න බැරි වෙලාද? නැත්නම් මගදී හොරු ගත්තද දන්නේ නැහැ. අර ආණ්ඩුව යහපාලන ආණ්ඩුව... මේ ආණ්ඩුවට දෙන්න තාම නමක් හොයනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 883 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site