යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරක ජිල් ද කාකොව් මහතා හෙට (11) මෙරටට පැමිණීමට නියමිතය.
ජිල් ද කාකොව් මහතා දින 4ක් ශ්‍රී ලංකාවේ රැඳී සිට මාලදිවයිනට ද යෑමට නියමිතය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ආරක්ෂාව සහ අත්දැකීම් හුවමාරු කරගැනීම ක්‍රමවේද සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම සහාය දීම ජිල් ද කාකොව් මහතාගේ මෙම සංචාරය අරමුණ වී තිබේ.
කාකොව් මහතා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා රජය, විපක්ෂය, ආරක්ෂක ප්‍රධානීන් සහ සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව හමුවීමට ද නියමිතය.
ජිල් ද කාකොව් මහතා 2007 වසරේ සිට යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර විශ්වවිද්‍යාල කිහිපයකම ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි. හෙතෙම යුරෝපීය නීතිය, මානව හිමිකම්, ආරක්ෂාව සහ ත්‍රස්තවාදය මැඬලීම සම්බන්ධයෙන් කෘති සහ ලිපි ද රචනා කර ඇත.
කාකොව් මහතාගේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සංචාරය ලබන 16 වැනිදායින් අවසන් වීමට නියමිතය.
055

2025 දෙසැම්බර් මස 18
502
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට