
( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ තත්ත්වය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන කරුණු අඩංගු කර යුරෝපීය පාර්ලිමේන්තුවේදී සම්මත කළ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සාවද්‍ය කරුණු මත පදනම්ව සිදු කළ එකක් යැයි විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් හමුවේ දැන්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි..
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ විදේශ අමාත්‍යාංශයේ දී කොළඹ යුරෝපා සංගම් නියෝජිත සංගමයේ වැඩබලන තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් මහතා සහ කොළඹ සිටින ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් පැමිණි යුරෝපා සංගමයේ තානාපතිවරුන් හමුවූ අතර එහිදී විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිසන්ධානය සහ සංවර්ධනය පිළිබඳ ප්‍රගතිය අදාළ යෝජනාවේදී සැලකිල්ලට ගෙන නොමැති බවත් , එලෙස තිබියදී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කනගාටුව පළ කරන බව විදේශ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී එම තානාපතිවරුන්ට දැනුම් දී ඇත.
සම්මත කරනු ලැබූ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් හෝ වෙනත් සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිතා කර ඇති බවට කරනු ලබන ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න..
බලාගෙන, ඒ අය මේ බොරු අහලා ඒ යෝජනාව අයින්කරගනියි කියලද හිතන්නේ...? මේ රටේ මානුෂික හිමිකම් උල්ලංඝනය වෙන බව චූටි ළමයි පවා දන්නවා. හෙට අනිද්දා වෙනකොට GST සහනයත් කපනවාලු. මේ දියුණු රටවල් අපිව දකින්නේ අන්ත ගෝත්‍රික සත්ව වර්ගයක් ලෙසයි. ඒ සියල්ලටම හේතුව මේ නූගත් පාලකයින්.
සත්‍යය පෙනී පෙනී ඇයි මේ බොරු කියලා ලෝකේ ඉස්සරහා සවුත්තු වෙන්නේ... දිනේෂ් ලා වගේ අය කියන දේවල් පිලිගන්න කම් මෝඩයින් යුරෝපා රටවල් වල තානාපති සේවයේ නෑ. ඔය හදන්නේ තියෙන ඇයි හොඳයිකමුත් නැති කරන්න. සරත් වීරසේකර සැසියෙන් පස්සේ ලොකු ටෝක් දෙනකොට අපි කිව්වා වැඩිය උඩ පනින්න එපා කියලා. මුස්ලිම් මිනිසුන්ගේ භූමදාන ප්‍රශ්නයක් තිබ්බේ නැද්ද? හිජාස් හිස්බුල්ලාව අත්අඩංගුවට ගත්තේ නැද්ද? අසාත් සාලි ඉන්නේ හිරේ නෙමේද? ඇයි මේ බොරු වලින් රට හෑල්ලු කරන්නේ? ගොබ්බයින්.
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
අනේද කියන්නේ?
කාදිනල්තුමාගෙන් අහන්න...
අශ්වයා ගිය පසු ස්ථාලය වසන විදේශ අමාත්‍යාංශය...
විදේශ අමාත්‍යතුමා දැන්ද ඇහැරුනේ.., දැන් ඕවා අපිට කියලා හරියනවද? පෙර හැරගියාට පස්සේ... මේ ඔක්කොම ෆේල්....
මේ දිනේෂ් මහත්තයෝ... ඕවා චීන්නු විතරයි විශ්වාස කරන්නේ... ඒත් කොණ්ඩේ බැඳපු චීන්නු.. !!!
කොහොමද මේ කරුණු සාවද්‍ය වන්නේ? මේ සියලුම චෝදනා සත්‍යයි. ලංකාවේ සිටින පල් මෝඩයින්ව රවටනවා වගේ යුරෝපා පාර්ලිමේන්තුවත් රවටන්න වෙන්න ඇති මේ දඟලන්නේ? අර සම්ප්‍රදායට ඔය තානාපතිවරු ඔතනට ආවත් ඒ අය හොඳින් දන්නවා ලංකාවේ තක්කඩි පාලකයින්ගේ කෙරුවාව. ඔය ස්ථානයේ කතෝලික පුජකයෙකුත් ඉන්නවද? ඒක එහෙම නම්, ඔහු මොනවද එතන කරන්නේ? දේශපාලකයින්ගේ නැට්ටේ එල්ලිලා ස්වර්ගයට යන්න හදනවා වත්ද? කාදිනල්ගේ චක් ගෝලයෙක් වත්ද? පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හොයනවා වද්ද මෙතන? එහෙම නැත්නම් කතෝලික ආගම විකුණාගෙන කන්න හදනවා වත්ද? ලැජ්ජයි...!!
ප්‍රධාන හේතුව පෙරදිග රටවල් රාජපක්ෂලාට කැමති නැති බව... රනිල් හරි, සජිත් හරි හිටියානම් ඕක මේ තරම් දුරදිග යන්නේ නැහැ. පිටරටවල සිටින දෙමළ සංවිධාන දිගටම ඒ ඒ රටවල්වල පාලකයින්ට දිගටම මේ ගැන මැසිවිලි නගනවා.