(රොමේෂ් මධුෂංඛ)
72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු අද (04) සරසවිය ඉදිරිපිට කළු කොඩි එල්ලා තැබූහ.
යාපනය විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම පියවර ගෙන ඇත.
යුද්ධය අවසන් වී නැවත පදිංචි වූ දෙමළ ජනතාවට විසඳා ගැනීමට නොහැකි වූ ගැටලු රැසක් තිබියදී නිදහස් දිනය සැමරීමට නොහැකි බව ඔවුන් ඊයේ දිනයේදී රැස්වෙමෙන් සාකච්ඡා කර ඇත.
ඉඩම් බලහත්කාරයෙන් ගැනීම්, මුල් ඉඩම් නොලැබීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු, යුද අපරාධ වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම ආදි ගැටලු වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුමක් නොලැබීම හේතුවෙන් 72 වන ජාතික නිදහස් දිනය කළු නිදහස් දිනයක් සේ සලකන බවට යාපනය මහාශිෂ්‍ය සංගමය පවසයි.
යාපනය සරසවිය ඉදිරිපිට බැනර් එල්ලා අද දින වර්ජනය කරන බව යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය වැඩි දුරටත් පවසයි.



COMMENTS
කවුද ඔය වැඩ ගණන් ගන්නේ ?
තව අවුරුදු 100 ක් ගියත් ඔය ඈයෝ ඔහොම තමයි. රටේ හැම දේකටම විරුද්ධ වෙනවා.
එයාලට නිදහස ලංකාවේ නැත්තම්, එයාලට පුළුවන් තමිල්නාඩුවට හරි , නැත්තම් එයාල වහල්කම් කරන නොර්වේ, ස්විට්සර්ලන්තේ, නැත්නම් කැනඩා ගිහින් ජීවත්වෙන්න .
ඕව එල්ලපල්ලා නුඹලාගේ බෙල්ලේ...
බොහොම හොඳයි. හැබැයි, මේ පුවතේ පළකර තිබෙන සටන් පාඨවලට අනුව නම් ඕවා ලොම් හැලිච්ච දේශපාලුවන්ගේ තට්ට ගෙඩිටිකට ඇතුල් කරපු අධිරාජ්‍යවාදීන්ගේ අදහස් මිස ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෙට හෙට දිනයේ බලපාන ප්‍රශ්න වැලක් කියලා නම් පෙනෙන්න නැහැ. හරි නිගමනයකට ආ හැක්කේ සම්පූර්ණ පාඨ කියවා බැලීමෙන් පසුවයි. පැරණි කැනහිලුන් හැමදාම උත්සාහ කලේ තරුණ සිත්වල සරස්වතීගේ වීනාවේ හඬ ඇහෙන්නට ඉඩ නොදී අනුන්ගේ මළබෙරයේ හඬ තරුණ කන්වලට ඇහෙන්න සැලැස්වීමයි. ඉතින් ළමයිනේ ඔය මළබෙරය අහන එක පැත්තකින් තියලා සරස්වතීගේ වීනා හඬට සවන් යොමු කරන්නකෝ...!!!
එතකොට 2009ට කලින් හොඳ නිදහසක් භුක්ති විඳින්න ඇති...
ප්‍රභාකරන් යටතේ බොලා හරිම විනෝදෙන්, සැපවිඳිමින් නිදහසේ ජීවත් වුණානේ... අනේ මගේ කට, බොලව් නරක් කලේ යහපාලන ආණ්ඩුව...
පාලකයින්ගේ කඩිනම් අවධානය යොමුකොට විසඳිය යුතු ප‍්‍රශ්නයක්...
යුද්දේ නොකර හිටියා නම් කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ නේද? ප්‍රභාකරන්ලා කරපු මෝඩ වැඩ නිසා ඔබ තුමන්ලා දුක්විඳිනවා, කාලකන්නි සහරාන්ලා කරපු මෝඩ වැඩ නිසා අහිංසක මුස්ලිම් ජනතාව වන්දි ගෙවනවා. අපි සියලු දෙනාට හොඳ නිදහසක් තිබුණා... අපි ඒක කා ගත්තා...
ඔහොම වෙන්න බැහැ... අපේ විමල් බලයේ ඉඳිද්දී. අද වෙන කව්රු හරි බලයේ හිටියා නම්, මේ විමල් කියාවි... අද ගෝඨා හෝ මහින්ද හිටියා නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. දැන් කොහොම හරි අද ගෝඨා, මහින්ද, විමල් බලයේ ඉඳිද්දී මහවිරු දින, කළු කොඩි දින සේරම සැමරුවා.
ඔන්න ඕක වහලා දමන්න තියෙන්නේ... මතකයිනේ ඉල්ලපු ඉල්ලීම් 13...
මේවාට සැලෙන්නේ නෑ ගෝඨාභය...
අර මැරුණු ලොක්කා සමරන්න දුන්නා නම් ඔය කළු කොඩි මොකුත් නැහැ...
ඕවා ගිහින් කියන්න දේශපාලුවන්ට.
මොවුන් පළමුව ඉතිහාසය දැනගත යුතුයි. තමන් කවුද මේ රට මොකද්ද කියා දැනගත යුතුයි. ඔය නිවට සටන් පාඨ යල් පැන ගිය දේවල්. තවම ඊළාම් සිහින දකින නිවට රැළක් උතුරේ සිටින අතර, තවත් හීනයක් දකින නිවට රැළක් නැගෙනහිර ඇත. ඒ දෙකම අතර රටට වින කටිමින් ධනවාදීන්ගේ පසුපස යමින් මහාසටන් පාඨ කියන පුහු සමාජවාදීන් කියන කොටසක් දකුණේද ඇත. මේ සියල්ලන් රටට පිළිලයන්ය...
මෙතනදි කිය යුත්තේ අතීත කතා හෝ ඉතිහාසය ගැන කතා කිරීම නොව මෙම කියන කතා වල වර්තමානය සත්‍ය සොයා ඒවට විසඳුම් දි උතුර දකුණ එකට නිදහස සැමරීමට අවශ්‍ය පසුබිම සැකසීමයි.
කොඩි වලට රෙදි දෙන්න ඇත්තේ... එක්කෝ ඕන නැහැ.
හැම කෙනෙකුටම විරුද්ධත්වය පල කිරීමේ අයිතියක් තිබෙනවා.
දමිල කැම්පස් ළමයින්ගේ එන්නේ ඩයස්පෝරා අදහස්මයි. දරුවනේ උගත්කම විතරක් මදි. බුද්ධිමත් වෙන්න.
බැරි නම් කරුණාකරලා බෝට්ටුවක නැගලා මව් රට වන තමිල්නාඩුවට යන්න!
සම්බන්ධන් විග්නේශ්වරන්ලගේ දිරච්ච ලනු කන මෙවුන්ට කියන්න තියෙන්නේ එක දෙයයි. මෙහෙ ඉන්නවා නම් ලංකාවේ මිනිස්සු විදියට ඉන්න බැරි නම් තමිල්නාඩුවට ගිහින් කැමති තාලෙකට ඉන්න.