
(ප‍්‍රදීප් කුමාර)
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (12) සවස ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ප‍්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
කෝපායි තිරුණවේලී ප‍්‍රදේශයේ නවාතැන් ගෙන සිටින තුන් වන වසර සිසුවකුට සිව්වන වසර සිසුවකු පහරදී ඇති අතර ඒ හේතුවෙන් ගැටුම හට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුන් වන වසර ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සදහා රෝහල් ගත කොට තිබේ ඒ අනුව අදාල සිද්ධියට සම්බන්ධ සිව් වන වසර සිසුවකු කොපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් මාසයක පමණ කාළය ඇතුළත යාපනය විශ්වවිද්‍යාල සිසුන් අතර අවස්ථා තුනකදී මෙසේ ගැටුම් ඇතිව ඇති බව වාර්තාවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටුම දෙමල දෙමළද - සින්හල දෙමළද - සිංහල සිංහල අතරද?
මේගොල්ලන්ගේ වැඩේ ඉතින් ගහගන්න එක නැතිනම් පෙළපාලි යන එක.