IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යාපනයේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

රොමේෂ් මධුෂංඛ

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීමට ගත් උත්සහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කර පලා ගොස් ඇති බව චුන්නාකම් පොලීසිය පවසයි.


අදාළ පහරදීම චුන්නාකම් පොලීසිය ආසන්නයේ පිහිටි ගෝල්ඩන් ජිම් නැමති ව්‍යායාම මධ්‍යස්ථානයට සිදුව ඇති අතර ඊයේ සවස යතුරුපැදි පහකින් 10 දෙනෙකු පැමිණ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන තුවාකරන් නැමති මන්ත්‍රීවරයා සොයා තිබේ.


එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා ව්‍යායාම මධ්‍යස්ථානයේ සැගවී සිටීම හේතුවෙන් පැමිණි පිරිසට මන්ත්‍රීවරයා සොයා ගැනීමට නොහැකි වීමෙන් ව්‍යායාම මධ්‍යස්ථානයේ තිබූ ව්‍යායාම උපකරණ වලට සහ ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කර ඇති ඇත.


කෙසේ වෙතත් චුන්නාකම් පොලීසිය ආසන්නයේම පිහිටි මෙම ව්‍යායාම මධ්‍යස්ථානය එල්ල වූ ප්‍රහාරය සමබන්ධයෙන් කිසිවෙකුත් චුන්නාකම් පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.



අදහස් (0)

යාපනයේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site