





(රොමේෂ් මධුෂංඛ)
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රතිසංස්කරණයෙන් නිම වූ පෙරියකුලම වැව ජනතා අයිතියට පවරාදීමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාගේ හා ආචාර්ය සිදම්බරන් මෝහන් මහතාගේ ඉල්ලීම යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ මෙහෙයවීම සහ යුද හමුදා නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ පෙරියකුලම් වැව ප්‍රතිසංස්කරණය සිදුවිය.
යාපනය දිස්ත්‍රික්කයේ විශාලම වැව වන පෙරියකුලම වැව ප්‍රතිසංස්කරණයෙන් පසු, අරාලි ප්‍රදේශයේ අක්කර 800 කට පමණ ජලය ලබා ගැනීමට හැකියාවක් පවතින බව ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
COMMENTS
බොහොම හොඳ වැඩක්.... අපේ රණවිරුවන්ට උත්තමාචාරය. දෙමළ සහෝදරයින්ගේ කෘෂිකර්මාන්තය දියුණුවේවා යයි පතමි...
මෝඩ වෙන්න එපා, හමුදාව යටතේ තබාගන්න..
ඔයවගේ වැඩ තමයි කළ යුත්තේ. ඒ පැතිවල මිනිසුන්ට හරියට වතුර ටික ලැබෙනවා නම්, ලැබෙන අස්වැන්නට නියමිත මිලක් ලැබෙනවා නම් ඔය අනිකුත් දේශපාලුවන්ගේ වහසි බස් වලින් ඵලක් නැත. හැමදාමත් තලා පෙලා තම තමන්ගේ උජාරුව පෙන්නන්න බැරිවෙනවා. රණවිරුවනි, තව තවත් මෙවැනි උපකාර ඔවුන්ට කරන්න. එවිට කාලකන්නි දේශපාලුවන්ට හකුලා ගන්නවේවි. රටට සාමය උදාවේවි. ඔබ ඔබලාගේ රාජකාරිය අකුරටම ඉටුකළා කියලා පෞදගලිකව හා සාමුහිකව සතුටු විය හැකිවේවි...