IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යාපනයේ නිවසකින් භූගත බංකරයක් සොයා ගනී

(සිතුම් චතුරංග)
            
යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

තෙමහල් නිවසෙහි ආරක්ෂාවට රඳවා සිටි පුද්ගලයකු ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පැවසීය.

නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන බවත් උස  අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස සකසා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙලක් සකසා තිබිණි.

මෙය විදුලිය බලය ලබාදී ආරක්ෂිත ලෙස සකස් කර තිබූ බවද පොලිසිය කීය. 

යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා පොලිසිය විසින් යාපනය නාවන්තුරය ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී මෙම භූගත බංකරය සොයාගෙන තිබේ.

යාපනය පොලිසිය පැවසූයේ භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ ප‍්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.

වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරය සමඟ ඉදිකර ඇති බවට තොරතුරු අනාවරණය වන බවද පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

යාපනය පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

(ඡායාරූප -රොමේෂ් මධුෂංක)



අදහස් (0)

යාපනයේ නිවසකින් භූගත බංකරයක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site