( තිළිණි ද සිල්වා )
ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආංරචි මාර්ග සදහන් කර සිටී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු බවද එමා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ඉන්දියාවේ නාගපට්නම් මුහුදු ප්‍රදේශයේදී එරට ආරක්ෂක අංශ විසින් අද (23) මෙම ලාංකික ධීවරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔවුන් දෙදෙනා දකුණු ඉන්දීය වේදාරනියම් වෙරලාරක්ෂක බලධාරින් වෙත භාරදී ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරිම් සදහා පොලිස් රැදවුම් බාරයට පත් කර ඇත.
COMMENTS
කරුණාකර පෝක් සමුද්‍ර සන්ධිය අවට සංවේදී පරිසර කලාපය ආරක්ෂාවට පැරණි බස් රථ දැමීමේ ව්‍යාපාරය ඉක්මනින් කඩිනම් කරන්න. මේ මුහදත් මල මුහුදක් නොවෙන්නට නම් 2/3 බලය තියෙන ,බලය දුන්නු රජයකට සහ පක්ෂ විපක්ෂ භේදයක් නැතිව පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න. නැතිනම් ඔය ගිරිය පුප්ප්පන් පෙළපාලි වල කෑ ගහන ඒවායින් වැඩක් නැහැ
අනුර කුමාර සහෝදරයා ඔබ නිහඬ මොකද ??