
(රොමේෂ් මධුෂංඛ)
දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කළ තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එම ආයතනයේ සේවය කළ යාපනයේ කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කළ බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.
යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ඇඟලුම් ආයතනයේ සේවය කර නිවෙස් වෙතට පැමිණ ඇති බවට අනාවරණය වීමෙන් පසුව ඊයේ (4) සහ අද (05) දිනයන්හි කාන්තාවන් දෙදෙනා හා ඔවුන්ගේ පවුල් දෙකෙහි පුද්ගලයින් 20 කට ආසන්න පිරිසක් පී.සී.ආර් පරික්ෂණයට යොමු කර ඇති බව වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කීවේය.
පවුල් දෙකේ පිරිස් සමීපව ආශ්‍රය කරන ලද පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ලබාදී තිබේ.
එම පුද්ගලයින්ට කිසියම් ශාරීරික අපහසුතාවය් හෝ අසනීප තත්වයන් පෙන්නූම් කරන්නේ නම් ළඟම ඇති පොලීසියට හෝ සෞඛ්‍ය පරික්ෂක කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසටද දැනුවත් කර ඇත.
COMMENTS