
කොළඹ අවට සිටින යාචකයනට සහ ආහාර පාන සපයා ගත නොහැකි පිරිස්වලට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පාන ලබා දිමට යුද හමුදා භට පිරිස් කටයුතු කළේය.
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, යුද හමුදා මූලස්ථානය යාචකයන්ට ආහාරපාන සපයා ගත නොහැකි ජනයා හට දිවා ආහාරය සඳහා කෑම පාර්සල් තොගයක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් යුද හමුදා භට පිරිස් විසින් බෙදා දෙන ලදී.
(ඡායාරූප ශාන්ත රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැස්කරනා පින එයි පසු පස්සේ සැප සලසන්නට හැම තිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනේ පසු පස්සේ මේ කාල දානයක්. අත්‍යාවශ්‍යම වෙලාවේ දෙන දානයක්. සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙනා නිදුක් වේවා! නීරෝගී වේවා! යහපතක්ම සැලසේවා!
හොඳ වැඩේට කව්රු කළත් හොඳයි කිවයුතුයි. මේ පිං වැඩේට ස්තූතියි. ඒත්, එළිපිට හිඟා කන්නට හෝ නොහැකි අසරණයන් රටේ දුක් විඳිනවා. සැබෑ යථාර්ථය එයයි. ඒ නිසා ඒ අසරණයන් ගැන මන්ත්‍රී ලිස්ට් එකෙන් නොසොයා, පොදුවේ සොයාබලා අර වියදම් නොකර තියෙන පෙර හා පසු ලැබුණු ආධාර මුදල් වලින් හා මන්ත්‍රීවරුන්ට වාහන ගේන සල්ලි වලින් මුදල් ටිකක් ගෙන, මොනවා හරි ආහාර පාන ටිකක් ඒ මිනිස්සුන්ට ලබා දෙන්න. එය මහා පිංකමක්.