රොමේෂ් මධුෂංඛ
යුද්ධය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් 'නැවත යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් රට තුළ ඇති වීමට ඉඩ නොදේවා!' යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ අද (05) අලුයම් කාලයේදී පෝස්ටර් අලවා ඇති බවට මුලතිව් වැසියෝ කියා සිටිති.
මුලතිව් නගරයේ ස්ථාන කිහිපයක හා මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන රැසක මෙසේ 'නැවත යුද්දයක් ඇති නොවේවා!' යනුවෙන් සඳහන් කරමින් පෝස්ටර් අලවා ඇත.
රටේ කිසියම් පිරිසක් විසින් නැවත යුද්ධයකට මග පෑදීමේ උත්සහයක නිරතව සිටින බැවින් එම පිරිස් වලට එරෙහිව අප සියලුම දෙනා නැගී සිටිමු සහ වසර 30 ක යුද්ධයේ කුරිරු බව අප සියලු දෙනා හොඳින් දන්නා බැවින් නැවත යුද්ධයකට හෝ ත්‍රස්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙමු යනුවෙන් අදාළ පෝස්ටර්වල සඳහන් කර තිබූ අතර 'යුද්ධයකට එරෙහිව නැගී සිටින මුලතිව් ජනබලය' වශයෙන් අදාළ පෝස්ටර් ඇලවූ පිරිස් සම්බන්ධයෙන් ද හෙළිදරව් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැසසිය යුතු ක්‍රියාවක්
සාමාන්‍ය ජනතාව කොහොමත් කැමති නැහැ ආපහු යුද්ධයට යන්න. නමුත් දේශපාලකයන්ට ඔවුන්ගේ පැවැත්ම සඳහා මොනවා හරි අවුස්සනවා.