(රොමේෂ් මධුෂංඛ)
යුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන රාජපක්ෂ රජය යටතේ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යපනයේදී අද (28) පැවැසීය.
උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් රැකියාවක් නොමැති දුප්පත් සෑම පවුලක් වෙනුවෙන්ම රජයේ රැකියාවක් ලබා දීමටත් ගොවි ණය කපා හැරීමටත් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.
වව්නියාව ළමා උයන ක්‍රීඩාංගනයේදී අද(28) පැවති රැළියකදී ඒ මහතා මේ පැවසුවේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගොඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.
“යුද්දෙන් පසුව කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් අපි පුනරුත්තාපනය කළා. ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩපිළිවෙළ කරේ අපි. ඔවුන් අපි සමාජගත කළා. ඔවුන් සිවිල් ආරක්ෂක බලකායට යොමු කළා. ඒ වගේම අපි කර්මාන්ත ආරම්භ කරලා ඒවට යොමු කළා.
මේ වෙනකොට අපි මේ රටේ සියලු ජනතාවගේ අනාගතය වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියනවා. මේ රටේ වැඩිම ජනතාවක් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඒ වගේම වැඩි ජනතාවක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තය හරහා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කෘෂිකර්මාන්තය ඉහලට ගන්නට ගොවියා නගා සිටුවන්නට පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කරල තියනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් බලාපොරොත්තු වෙන්නේ මේ දුප්පත් කමින් පෙලෙන ජනතාව නගා සිටුවීමටයි. මේ පළාත්වල ජනතාව ඉහළට ගන්නට අපි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරල තියනවා. ඒ නිසාමයි අපි පොහොර නොමිළේ ලබා දෙන්න තීරණය කලේ. ඒ වගේම ගොවි ජනතාවගේ ගොවි ණය කපා හරින්නට අපි තීරණය කරල තියනවා” යැයිද ඒ මහතා පැවසීය.


2025 දෙසැම්බර් මස 04
668
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘යුද්ධයෙන් පසු ලොව හොඳම පුනරුත්තාපනය සිදුකළේ රාජපක්ෂ රජයයි’