IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


යතුරු පැදි 4ක්-මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට

( කේ බුද්ධික කුමාරසිරි )
 
තලංගම පයිප්ප පාර ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකාවේ  ලියාපදිංචි කළ නොහැකි රුපියල් ලක්ෂ 24 ක්පමණ වටිනා අධිවේගී යතුරුපැදියක් ඇතුළු ව්‍යාජ අංක යෙදු යතුරු පැදි හතරක් සමඟ කාන්තාවක සහ තරුණයෙකු අද (22) අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

දින කිහිපයකට ඉකුත් 18 වනද මාලඹේ අරංගල ප්‍රදේශයේදී හෙරොයින් සමග අත් අඩංගුවට ගත් හෝකන්දර රයිඩර් නමැති හිටපු යුද හමුදා විශේෂ බලකා සාජන්වරයාගෙන් අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී තොරතුරු මත එම සැකකරුට හෙරොයින් මත්කුඩු ලබා දෙන බවට පැවසූ තලංගම පයිප්ප පාරේ නිවසක් සෝදිසි කිරීමේදී මත්ද්‍රව්‍ය සහ යතුරුපැදි සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
 
පොලිසිය තලංගම පයිප්ප පාරේ නිවස සෝදිසි කිරීමේ දී හෝකන්දර රයිඩර් ට හෙරොයින් ලබා දුන් බව කියන සැකකරුගේ බිරිඳ සිට ඇති අතර ඇය පරීක්ෂා කිරීමේදී ඇය සගවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සොයා ගැනීමට හැකි වූ බවත් එම නිවසේම රැදී සිටි ප්‍රධාන සැකකරුගේ ඥාති පුත්‍රයෙකු සන්තකයේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි 

එම නිවස තව දුරටත් පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ මෙරට ලියාපදිංචි කළ නොහැකි රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා බව කියන අධිවේගී යතුරුපැදියක් සහ අංක තහඩු නොමැති තවත් යතුරු පැදියක් ද සොයා ගැනීමට හැකි වූ බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ගෙන් කළ  ප්‍රශ්න කිරීම්වලදී නේවි රුවන් නැමැති හිටපු පාතාල සාමාජිකයෙකුගේ නමින් සිටිමින් පාතාල ක්‍රියාකාරම්වල නිරතව සිටි සැකකරුවෙකු නවාතැන් ගෙන සිටි බව කියන අංගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ව්‍යාජ අංක තහඩු යෙදු සහ අංක තහඩු රහිත තවත් යතුරුපැදි තුනක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

එලෙස අත් අඩංගුවට ගත් යතුරුපැදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදා ගත්තේ ද නැතහොත් වෙනත් පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදා ගත්තේද යන්න විමර්ශන කරගෙන යන බවද පොලිසිය පවසයි

 



අදහස් (3)

යතුරු පැදි 4ක්-මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට

Karunarthna gampola Wednesday, 22 July 2020 06:20 AM

මේකේ තේරුම මොකක්ද.?

:       0       3

විපරමා Wednesday, 22 July 2020 10:20 AM

අල්ලන කුඩු වලට මොනවා වෙනවද ? කුඩු කියන්නේ නිකම්ද .සල්ලී නේ?

:       0       0

Nuwan Wednesday, 22 July 2020 11:05 AM

ලියාපදිංචි කරන්න බැහැ කියලා මහලොකුවට කියනවා හරියටම ලොකු දෙයක් ඇල්ලුවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site