IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


යෝජනා පටලැවිල්ලකින් මැතිසබේ උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවක් වෙනස් කරන ලදැයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඩ නැගීම නිසා පාර්ලිමේන්තුවේ ඊයේ(8) පෙරවරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.

මේ නොසන්සුන් තත්ත්වය නිසා ඒ ගැන යළි සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තුව විනාඩි 10කට කතානායකවරයා විසින් මේ අවස්ථාවේදී කල් තබනු ලැබීය.

මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීමට පැවරී තිබුණේ තමාට බවත් දැන් එය වෙනස් වී ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී චෝදනා කළේය.

මේ එහිදී ඇතිවුණු සංවාදයයි .

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා:

මම විවාදයක් ඉල්ලන්නේ මම වෙනුවෙන්. මම මොකටද වෙනත් අයෙක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන්නේ. ඔබතුමාගේ ස්ථාවරය ප්‍රකාශ කරනවා නම් ඔච්චර වෙලාවක් යන්න විදියක් නැහැ.ඔබතුමා ඔය කියවන්නේ අනුමත නොකරන ලද කාර්ය සටහන්.කවුද ඕක අනුමත කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මම අනුමත කරනවා. අනුර ඉදිරිපත් කරන යෝජනාව විවාදයට ගන්න තමයි එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී තීරණය කළේ. ඉතිං ඊට පස්සේ මේවා වෙනස් වෙන්නේ කොහොමද.මොකටද එහෙනම් අපි පක්ෂ නායක රැස්වීම් තියන්නේ .ඕන මන්දිරයකට ගිහිල්ලා මේවා තීන්දු කරන්න පුළුවන්. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය. මම තහවුරු කරනවා මෙතුමා කියපු දේවල්.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී අපි මේක තීන්දු කරමු

විපක්ෂ නායක:

ඒක හරියන්නේ නැහැ. මේක හෙට ගන්න ඕන.යෝජනාව ඉදිරිපත් කරන්න ඕන අනුර කුමාර දිසානායක.පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දු තීරණ එලෙසම ක්‍රියාත්මක කරන්න.ඒක බාල්දු කරන්න එපා ගරු කතානායකතුමනි .ඒක ඔබතුමාටත් හොඳ නෑ.ඔබතුමා කොහෙන්හරි පාලනය වෙනවා කියලා ලෝකය හිතාවි.රූකඩ නටවන වගේ කියලා.අපේ රටේ කතානායකතුමා රූකඩයක් නොවේ.

සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා :

ඔව් ඔක්කොම හිටියා.ඔක්කොම ඉඳලා තමයි තීරණය කළේ . දිනය දුන්නෙ .අනුර මහ බැංකුව ගැන විවාදය ඉල්ලුවේ ගිය මාසේ.ඒකට ලබන මාසේ දිනයක් දෙනවා කිව්වා.අපි තමයි මේ වාර්තාව ගෙනාවේ. මහ බැංකු වාර්තාව අපි හැම අවුරුද්දකම විවාද කරනවා . මේ කාර්යය සටහන පැහැදිලියි. මේගොල්ල මෙතන මේ අරාජික තත්ත්වයක් ඇති කරන්න උත්සාහ දරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

මෙතන සිද්ධ වන්නේ බොරුවක්.පක්ෂ නායක රැස්වීමේදී බොරු සිද්ධ වෙන්න බෑ.අනුර කුමාරගෙ නමින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

අනුර කුමාර දිසානායක මහත්තයාගේ රූකඩයක් වෙලා තියෙන්නෙ විපක්ෂ නායකතුමා.එහෙම කතා කරන්න එපා .කතානායකතුමා රූකඩයක් කියන්න ඔබතුමාට අයිතියක් නැහැ.ඔබතුමා තමයි රූකඩයක් වෙලා.

(සභාවේ එක දිගට ඝෝෂා)

විපක්ෂ නායක:

රූකඩ වුණු විපක්ෂ නායකවරු ඉන්න ඇති .නමුත් මම කාගෙවත් රූකඩ වෙන්න ලැහැස්ති නැහැ. ප්‍රසන්න ඇමතිතුමා එතුමාගෙ පුරුද්ද කියන්නේ.

කතානායක:

මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා: අනුර කුමාර මහත්තයා මේ යෝජනාව ඉල්ලුවා. ඒ නිසා එතුමාට ඒක ඉදිරිපත් කරන්න දෙන්න ඕන. කාරක සභාවේ දී තීරණය වුණේ ඒ විදියටයි.

අනුර දිසානායක මහතා:

ඔබතුමා ඕක හෘද සාක්ෂියෙන් අහන්න. වෙන කවුරුහරි වෙනුවෙන් විවාද ඉල්ලන්න කාටවත් ඔළුවෙ අමාරුවක් නෑ.මම දන්නෙ නැහැ එහෙම සම්ප්‍රදායක් .

මහ බැංකු වාර්තාව ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව.නමුත් විවාදය ඉල්ලන්නේ විපක්ෂය.ඒක තමයි සම්ප්‍රදාය.

කතානායක:

මෙතන පැටලැවිල්ලක් සිදුවී තිබෙනවා.අපි දවල් පක්ෂනායක රැස්වීමක් තියලා ඒ ගැන සාකච්ඡා කරමු .

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

අපිත් ලෑස්තියි මහබැංකු වාර්තාව විවාද කරන්න .ඒක ගැටලුවක් නැහැ .ඉදිරිපත් කරන කෙනා වැදගත් නැහැ.

නලින් බණ්ඩාර ජයමහ මහතා:

හැමතැනම වෙන්නේ මර්දනය

කතානායක:

පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරමු ප්‍රශ්නයක් නැහැ. එතනදි කරමු . නිකන් කාලය නාස්ති කරන්න එපා.

සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා:

පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට එකඟ වුණා .ඒ නිසා මට ඊළඟ යෝජනාව ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න.

(සභාවේ ඝෝෂා)

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා:

විපක්ෂ නායකතුමා හැමදාම මේ සභාවේ කාලය කනවා.

(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසති)

ඉන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහා කතානායකවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබන ලදී.

 



අදහස් (0)

යෝජනා පටලැවිල්ලකින් මැතිසබේ උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site