
(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල මතය රටට ළගදීම ඉදිරිපත් කිරීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත.
එම පක්ෂවල නායකයන් විදුලි බල ,ඛනිජ තෙල් සහ වරාය වෘත්තීය සමිති නායකයන් ඉදිරි දින කීපයේදී හමුවීමෙන් අනතුරුව ,මෙම ප්‍රකාශය කිරීමට බලාපොරොත්තු වන බව හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .
යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දා ලිපියක් යවමින් ඉල්ලීමක් කළ අතර එම සාකච්ඡාව ලබා දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය .
යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් එම පක්ෂ මතුකරන කරුණු සත්‍ය නොවන බව ජනාධිපතිවරයා එම ලිපිය මගින් දැනුම් දී ඇත .
දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිවරයා මේ ලිපිය මගින් දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයින් දස දෙනකුගේ අත්සනින් මෙම ලිපිය යවා තිබිණි .
COMMENTS
ගෝඨාට බලයට පැමිණීම අමතක වී ඇත. ඔවුන් සාකච්ඡාවක් ඉල්ලුවා. ගිවිසුමේ අන්තර්ගතය හෙළිදරව් කිරීමට ජනාධිපතිවරයා නොපසුබටව සිටින්නේ ඇයි?
මොන තීරණද.? සැලුන් දොර ඇරලා.
බල්ලා මිය ගියොත් මැක්කන්ටද අත්වන්නේ එවන් ඉරණමකි. බල්ලා කන්පට සැලුවද මැක්කන් තදින් අල්ලා සිටිති.
හොඳ වැඩේ, 2015 රාජපක්ෂලා ගෙදර පැන්නුවේ ඔවුන්ගෙන් රට බේරාගන්න. ඒක තේරුම් ගන්න බැරුව තක්කඩි ටික ආයිමත් බලයට ගෙනාවා. දැන් ඉල්ලගෙන කනවා.
රාජපක්ෂලා හෝ හිටපු කට්ටිය හෝ නොගෙන්වා වෙනත් කට්ටියක් ගැන සිතීමට ජනතාවගේ මොලය පෑදේවා.