IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුගදනවි පෙත්සම් වැඩිදුර විභාගය ජනවාරියට කල් යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ  රජයට අයත් සියයට හතලිහක  කොටස්  නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමකට ලබා දීමට කැබිනට්  මණ්ඩලය  ගෙන ඇති තීරණය බලරහිත  කරන්නැයි  ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ පිලිබද වැඩිදුර විභාගය ලබන ජනවාරි 11,12,13 යන තෙදින දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මඩුල්ල අද (17) තීරණය කළේය 

අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්   ,  විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය  යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දෙවැනි දිනයටත් සලකා බැලිණි.

අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන්,  සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ,  වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ  ලේකම් රන්ජන් ජයලාල්  යන මහත්වරුන් විසින් මෙම පෙත්සම්  ගොනු කර සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු  කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය,  එහි සභාපතිවරයා, ලංකා  ඛනිජ තෙල් සංස්ථාව,  එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම,  ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි   සමාගම  නීතිපති වරයා  ඇතුළු  54දෙනෙකු  මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.



අදහස් (2)

යුගදනවි පෙත්සම් වැඩිදුර විභාගය ජනවාරියට කල් යයි

ab Friday, 17 December 2021 05:34 PM

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය සාදා නිමකළ පසු තීන්දුව ලබාදෙන්න. එවිට එයින් රටට ලැබෙන ප්‍රතිලාභ නිසා කිසිවකු මෙයට විරුද්ධ නොවනු ඇත..

:       6       0

WnrjSaturday, 18 December 2021 01:35 PM

⁣තව හෝදපන් රාජ පක්ෂලාගෙ ජංගි බයි වහලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site