IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුගදනවි පෙත්සම්වලට පූර්ණ විනිසුරු මඩුල්ලක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා අද (12)ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සම්බන්ධයෙන් මෙම පෙත්සම් ගොනු කර තිබෙන බැවින් එම ඉල්ලීම කරණ බව නීතිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සදහන් කළාය.

බුවනෙක අලුවිහාරේ, එච්. එම් .ඩී. නවාස් මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් සහ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සදහන් කලේ නීතිපති වරයා සහ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙත්සම්වලට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවය.

එසේම ජාතික වැදගත්කමකින් යුතු කරුණු විමසීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3)ii වගන්තියේ දක්වා ඇති විධි විධි විධාන අනුව සාමාජිකයන් පස් දෙනකු හෝ ඊට වැඩි පිරිසකින් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

සුදුසු තීරණයක් ගැනීම සඳහා එම ඉල්ලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ලේ සභාපති බුවනෙක අලුවිහාරේ මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

යුගදනවි පෙත්සම්වලට පූර්ණ විනිසුරු මඩුල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site