(ඩයනා උදයංගනී)
කෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය දක්වන්නේ නැතැයි එහි මහලේකම්, බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙම ගිවිසුම හරහා ලංකාවේ විදුලිබල ඒකාධිකාරය වෙනත් රටකට යාමේ ඉඩක් ඇති බව කී මහලේකම්වරයා එම විනාශයට අත උස්සන්නට තම පක්‍ෂය සූදානම් නැතැයි සඳහන් කළේය.
මෙම ගිවිසුම තුළින් නේපාලයේ තෙල් සම්බන්ධයෙන් ඇතිවූ තත්වය මෙරට විදුලිය සම්බන්ධයෙන් ඇතිවිය හැකි බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගිවිසුම හරහා ඇමෙරිකාව විදුලියදීම නතර කළොත් මෙරටට විදුලිය නැති වන බව ද කීවේය.
මේ වන විට නේපාලයට තෙල් ලබාදෙන ඉන්දියාව තෙල් සැපයුම නවත්වන විට එරටට තෙල් අහිමිවන තත්වයක් මතුව තිබෙන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු නැතුව යන්න. දැන් දීලා ඉවරයි.
තව අත උස්සන්න දෙයක් නැහැ ඒක දීලා ඉවරයි.
දැන් දීලා ඉවරයි. මොකටද අත උස්සන්නේ නෑ කියන්නේ?
20 ගේනකොටත් කතා කලේ ඔහොම තමා
කරන්න ඕන ලොකුම එකට -20 සංශෝධනයට අත ඉස්සුවේ.
අත්සන් කරන වෙලාවේ නිදාගෙන ඉඳලා, දැන් නින්දෙන් නැගිටලා කියනවා අත උස්සනේ නැහැයි කියා. අපිට තමයි මේ බයිලා කියන්නේ.
මෙයාල මේ පිරිමහගන්න හදන්නේ පෞද්ගලික කෝන්තර
අත ඉස්සුවත් නැතත් වැඩක් නැහැ කෝටි ගානක එන්නත් ගෙනාවෙත් ඇමරිකාවෙන්, බොරුව එපා ජනතාවට
ආය අත උස්සලා දෙන්න දෙයක් නැහැ
අපව රවටන්න එපා
ඇමති කමින් දොට්ට දානව කිව්ව ගමන් මේ අය අත උස්සනව විඳින සැප නැතිවෙයි කියල. කාටද ඔය බොරු කථා කියන්නෙ.
හරි දේ හරි වෙලාවට නොකොලොත් ඡන්දෙදි ජනතාවගෙන් සමාවක් නැති බව දැනගන ඉන්නවා නම් ලොකු දෙයක්.
හැමදේටම අතඋස්සලා දැන් කියන කතා