
(දයාරත්න ඇඹෝගම)
වසර 33 ක් තිස්සේ නීති විරෝධී ගිනි අවි නිපදවූ “ යකා බාස් ” නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන කම්මල්කරුවෙකු සහ ඔහුගේ සගයෙකු තුවක්කු තුනක් සමඟ අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
ගලෙන්බිඳුනුවැව , මොරගොඩ , බැඳිවැව ප්‍රදේශයේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබේ.
‘යකා බාස්’ නමින් හඳුන්වන එම කම්මල්කරු සන්තකයේ ගිනි අවි දෙකක් ද මොරගොඩ පොලිස් ස්ථානයට යාබද නිවසේ “ චන්ඩී ” නමින් හඳුන්වන පුදගලයා සන්තකයේ තවත් ගිනි අවියක් ද තිබී අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සියළුම ගිනි අවි මෙරට නිෂ්පාදිත “ කැප් තුවක්කු ” ගණයට අයත්වන බව පොලීසිය පවසයි.
‘යකා බාස්’ නමින් හඳුන්වන මෙම කම්මල්කරු 1988 වසරේ සිට මෙම නීති විරෝධී ගිනි අවි නිපදවා අළෙවිකරන බවත් මේ දක්වා තමන් විසින් ගිනි අවි විශාල සංඛ්‍යාවක් නිපදවා ඇති බවත් එම ප්‍රමාණය කෙතෙක් ද යන්න තමන්ට මතක නැති බව සැකකරු ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි.
සැකකරුවන් අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’යකා බාස්’’ නීති විරෝධි ගිනි අවි සමඟ අත්අඩංගුවට