
(චමිල් රූපසිංහ)
සංචාරකයින් ගෙන්වා ගැනීමේ අරමුණින් රජයේ නියමු ව්‍යාප්තිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (11) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සංචාරයක නිරත වූහ.
රජයේ හා සෞඛ්‍ය අංශවල නිරෝධායන නීතිරීතිවලට අනුව දැඩි පරීක්ෂාවකින් පසු එම සංචාරයකයින් කණ්ඩායමට ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ සංචාරය කිරීමට හැකි විය.
ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා සංචාරක පිරිසට වෙනම දොරටුවකින් දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුල්වීම සඳහා කටයුතු යොදා තිබුණි. එම නිසා දේශීය බැතිමතුන්ට සිය වන්දනා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගැනීමට හැකි විය.
විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක කරමින් පැමිණි සියලුම සංචාරයකයින්ගේ අනන්‍යතාවය සහතික කරගැනීමද මෙහිදි සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේන සංචාරකයෝ ගියේ දළඳා වඳින්න නොව බලන්නයි.
දැන් රටත් කාලා ඉවරයි. අපේ හාමුදුරුවනේ, දැන් සැපද? සනීපද?
"එක රටක් එක නීතියක් " දේශීය වන්දනා බැතිමතුන්ට කුඩම්මාගේ සැලකිල්ලක්... බලවතුන් ගෙනෙන සංචාරකයින්ට සුපිරි සැලකිල්ලක්. ලැබෙන ගානට වැඩියි වියදම. මාර වැඩක් ලංකාවට වුනේ...
දළඳා වඳින්න?