
( තිළිණි ද සිල්වා )
මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
එම සංචාරකයින් පිරිස අද(04) හා හෙට(05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූනද හදිසියේම එය අවලංගු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල් භාරකාර මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ හේතුවෙන් අද දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4ක් හා හෙට (05) දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.
ඒ අනුව දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බවට මිට පෙර දැනුම් දී තිබු පොළොන්නරුවේ සංචාරක ස්ථාන වන්නේ පරක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාලය ,ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිලිම ගෙය, නෙළුම් පොකුණ යන ස්ථානයි.මේවා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පුරවැසියන්ට තම තමන්ගේ සිද්ධස්ථාන නටබුන් බලන්න තහනම් කර පර සුද්දන්ට කොරෝනා සමගින් ඒවා බලන්න සැලැස්වීම මොන තරම් ජඩ වැඩක්ද?
මහ අයට ලොකු අමාරුවක් තියෙනවා... රටේ කොරෝනා බෝ කරන්න මේ කොහේවත් නැති පරගැතියන්ව ගෙන්නගෙන... ලංකාවට එන්න බැරිව දුක්විඳිනවා පිටරටවල්වල... ඒ අයව ගෙන්න ගන්න උනන්දුවක් මොවුන්ට නැහැ. හිරිකිතයි දැන්නම් ලංකාවේ කියලත් කියන්න. එච්චරටම අනික් රටවලටම බාල්දුවෙලා තියෙන්නේ මහ එවුන් කරන තුප්පහි වැඩ නිසා.
ලංකාවේ අපිට අපේ රටට එන්න විදියක් නැහැ. යුක්රේන්කාරයෝ ගෙනත් ලෙඩ බෝ කරන්න පුළුවන්... එ්කට අවසර තියෙනෙවා. රටට විදේශ විනිමය දෙන අපි ගැන රජය කිසිම සැලකිල්ලක් නැහැ. අතගහන හැම වැඩේම හැඳි ගෑවිලාම යනවා. එසේම විය යුතුයි. අපිට කරන අසාධාරණ වැඩේට....
තනිකරම උදයංගගේ වුවමනාවටනේ මේ? කෝ අර සර් ආවම පවුලේ අයට නටන්න වෙන්නේ නෑ කියපු සෙට් එක?
අනේ, ඇයි ඔබලා ඒ තැන්වල සංචාරය නොකර ඉන්නේ? අනික, හිංගල බල්ලොත් දැන් ඒ පැතිවලට වැද්ද ගන්නෙත් නැහැ. ඒ නිසා ඒ බලු කරදරෙත් නැතිව ඒ පැතිවල නිවී සැනසිල්ලේ සංචාරය කරලා, පුළුවන් නම්, බල්ලන්ට කොරෝනාත් බෝ කරලා ඔබලා සතුටින් නැවත යන්න..
ගියානම් කොරෝනා හිඟන සුද්දෝ ටික ගමේ මිනිස්සුන්ගෙන් මදි නොකියන්න කනවා. මේ කොරෝනා හිඟන්නන් මේ රටට ගෙනාපු , උන් සමග නිදාගන්නා අයව නිරෝධායනය කරන්න හමුදාපති බයයි. පැය 3ක් සෆාරි ජීප් එලවපු අහිංසකයින් බලෙන් නිරෝධායනයේ. මාර රටක්...
මේක හරියට සංචාරක ඇමතිවරයාත් සංචාරය සංවිධානය කළ කෙනාත් අතරේ ඇති නෝක්කාඩුවක් වගෙයි පෙනෙන්නේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් සභාපතිනිය ලියුමක් මඟින් කියලා තියෙනවා " යුක්රේන සංචාරකයින්ගේ ගමන් බිමන් ගැන එ් ගොල්ලෝ දැනුවත් කර නැහැ" කියලා. තව ගුවන් යානා 10ක් එන්න තියෙනවලු. ඒවායේ මොන මොන වසංගත එයිද කියන්නත් බැහැ.
පොලොන්නරුව පැත්තේ කොරෝනා සංචාරකයින් ගියොත් නම් ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණය එහේ ඉන්න වකුගඩු රෝගීන් නිසා විශාල ලෙස වැඩි වේවි කියලා වෛද්‍යවරයෙක් පැවසුවා.