
යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරවලින් එකක් ලෙස කර්සොන් සැලකෙයි. ඒ අනුව, යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.
කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. නගරය රුසියන් හමුදා අතට පත් වුණු බවත්, නගරවැසියන් නිවෙස්වලට වී සිටිය යුතු බවත් නගරාධිපති ඉහෝර් කොලික්කායිව් පවසා ඇත්තේ සිය නිල ‘ෆේස්බුක්’ ගිණුම ඔස්සේය.
කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd