IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යකඩ යකා කතරගම යන්න මාන බලයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ - බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇතැයි ප්‍රවාහන ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද(4) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 600ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ ඇමැතිවරිය සිසු සැරිය සහ ගැමි සැරිය බස්රථ සේවා වැඩපිළිවෙළ තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළාය.

 



අදහස් (8)

යකඩ යකා කතරගම යන්න මාන බලයි

Ruhunu Saturday, 04 December 2021 05:24 PM

තියෙන ඒවා යකඩ යක්කු නෙවෙයි. යකඩ ගොඩවල් වෙලා තියෙන්නේ. බෙලිඅත්තේ ඉඳලා මරදානට තව දුම්රියක් දැම්මොත් නරකද? ‘‘පවිත්‍රා කුමාරි‘‘ කියලා....

:       4       14

Siri Sunday, 05 December 2021 11:14 AM

යකා කොහොම වුණත් කෝවිඩ්වලින් පස්සේ ‘‘කුමාරි‘‘ තවත් ලස්සන වෙලානේ...!

:       0       1

rocky Saturday, 04 December 2021 05:45 PM

කතරගම දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීම සදහා 1920 ගනන්වලදී ඉංග්‍රිසී ආන්ඩුවෙන් සකස් කරපු ප්ලෑන් වගයක් 1977 දීත් හම්බන්තොට මිනින්දෝරු කාර්යාලයේදී ලේඛනාගාරයේ අල්මාරියක තිබුණා මට මතකයි.

:       0       13

ravin Saturday, 04 December 2021 05:58 PM

කැලේ ඉන්න සත්තුටික මරන්න වැඩපිළිවෙළක්ද? දානවානම් උමං දුම්රිය මාර්ගයක් මිස සතුන්ගේ නිදහසට බාධා කරන්න එපා. අර අලි වැට මම වගේ කැලේ ඉඳන් කොටස් කරලා විකුණන්න එහෙම පිඹුරු පත් සකස් කරනවා නොවේ...

:       1       11

Nuwa Saturday, 04 December 2021 06:57 PM

කාර්යාල දුම්රිය කතරගම දක්වා දික් කළොත් නම් ගාල්ලෙන් විතර නගින අයට දෙවි පිහිටයි... දැනටමත් සීට් නෑ..

:       4       10

Lalith Saturday, 04 December 2021 07:45 PM

කෝ හලෝ සල්ලි...? තව චීන ණයක්... ටාගට් එක හම්බන්තොට කොළඹ දුම්රිය මාර්ගය.. පෝට් සිටි කටුනායක හම්බන්තොට.. චීන ආයෝජන සුරක්ෂිතතාව... අපට ණය කන්ද...

:       0       1

Sk Saturday, 04 December 2021 09:50 PM

කතරගම යන්න කළින් අපව අතරමග නොදා වෙලාවට වැඩට යන්න සලස්වන්න.

:       0       1

ප්‍ර්‍රේමසිරි Sunday, 05 December 2021 08:01 AM

මැඩම්ගේ පප්පගේ කාලේ කැළණි වැලි දුම්රිය මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයට පැමිණීම අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් අවසන් කළා.. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයට ආසාවකටවත් දුම්රිය ගමන් නැතුව ගියා.. සමහරක් අය නම් කියන්නේ මැණික් ගැරීමට මාර්ගය වැසුවා කියලයි. ඒවා මොනවා වුණත් කැළණිවැලි මාර්ගය අඩුම තරමින් ඔබතුමියගේ ගම දක්වා වත් නැවත සකසා දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site