(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව වඩාත් වැඳගත් කරුණු පිළිබඳව මාර්ග උපදේශ නොදීම හේතුවෙන් දුම්රිය ධාවනය හෙට (25) ආරම්භ කිරීම ගැටලුසහගත තත්වයකට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.
අගෝස්තු මස වාර ප්‍රවේශපත් ඇති පුද්ගලයන්ට පමණක් දුම්රියේ යෑමට අවසර දීමට තීරණය කිරීම, පාසල් දරුවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සහ දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම ආදි විශේෂ කරුණ සම්බන්ධව දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කර නොමැති බවට චෝදනා එල්ල වේ.
‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් අගෝස්තු මාසයට පෙර සිට ජනතාව වාර ප්‍රවේශපත් ගැනීමෙන් වැළකී සිටි බවත් ඒ හේතුවෙන් ජනතාව හෙට දිනයේ අපහසුතාවට පත්වීමට ඉඩ ඇතැයි ද දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉන්න ඩීසල් එනකන්..